30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා යුද හමුදාවට ජය

ශ්‍රී ලංකා යුද හමුදාවට ජය

ඉන්දීය යුද හමුදා කණ්ඩායම සමඟ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති සුහද වොලිබොල් තරගය 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, ක්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ තරගය සංවිධාන කර තිබිණි.

තියුණු මුහුණු වරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 27-25ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා යුද හමුදා පිල දෙවැනි වටය 25-23ක් සහ තෙවැනි වටය 25-13ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 3ක් සහ ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 6ක් ඇතුළත් වූ අතර, ඉන්දීය කණ්ඩායම මෙහෙය වූයේ එරට ජාතික කණ්ඩායමේ නායක පන්කාජ් ශර්මා විසිනි. ඔහු සමඟ ජාතික කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩකයකු මේ තරගයට එක්ව සිටි අතර, ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ 5 දෙනෙක් ද ඊට ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අමිල මාසාච්චි, චාමර මිහිරාන් සහ ශමිල් මලින්ද මේ තරගයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූහ.