27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවේ උදවිය කතා කළ දේශානුරාගය ස්වෛරිත්වය අහෝසි වෙලා

ආණ්ඩුවේ උදවිය කතා කළ දේශානුරාගය ස්වෛරිත්වය අහෝසි වෙලා

විපක්ෂ නායක සජිත්

වත්මන් ආණ්ඩුවේ උදවිය පසුගිය සමයේ කතා කළ දේශානුරාගය, දේශප්‍රේමය, ස්වෛරිත්වය යන සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 32 වැනි පියවරට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (27) පැවසීය.

බහුජාතික සමාගමක් රටේ ස්වෛරීත්වය සියතට ගෙන කටයුතු කරන බවත්, එම සමාගමට එලෙස අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට ඉඩ දෙමින් ආණ්ඩුව කර කියා ගත කිසිවක් නැතිව බලා සිටින බවත් හෙතෙම කීවේය. අද වන විට සමහර ඇමැතිවරුන් තානාපති කාර්යාල ඉදිරියට ගොස් වැඳ වැටෙන තත්ත්වයට පත්ව ඇතැයිද කීවේය. රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ අමතකව ගොස් ඇති ආණ්ඩුවේ මැති ඇමැතිවරු රටේ ස්වෛරීත්වය සමඟ සෙල්ලම් කරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

රටක ස්වෛරීත්වය සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුටත් ඉඩ දීමට නොහැකි බව සඳහන් කළ විපක්ෂ නායකවරයා මේ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව සමඟි ජන බලවේගය පෙනී සිටින බවද පෙන්වා දුන්නේය.

පහන් විජේසේකර