28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියාවේ විදෙස් සංචරණ තහනම ඉවතට

ඔස්ට්‍රේලියාවේ විදෙස් සංචරණ තහනම ඉවතට

ඔස්ට්‍රේලියා රජය විසින් එරට පුරවැසියන්ට පනවා තිබූ අවසරයකින් තොරව විදෙස්ගත වීමේ තහනම ලබන සතියේදී ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට ඔස්ට්‍රේලියාව පසුගිය මාස 19ක් පුරා ලොව සෙසු රටවලට වඩා නීතිරීති දැඩි කර තිබිණි.

ඒ අනුව ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්ට විදෙස් ගමන්වල යෙදීමට අවසර හිමි වනු ඇත. එරට ජනතාවට බලපා තිබූ නීති රීති ලිහිල් කිරීමට අමතරව විදේශිකයන්ට පනවා තිබූ ඇතැම් සීමා තහංචි ද ඉදිරියේ ඉවත් කිරීමට ඔස්ට්‍රේලියා රජයේ අවධානය යොමු වී ඇත.

එමෙන්ම මේ වසරේ නිමාවට පෙර කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් පුහුණු ශ්‍රමිකයන්ට සහ අන්තර්ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකිවනු ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.