32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්ෂුද්‍ර ජීවීන් ඇති කාබනික පොහොර ගෙන්වීමට ක්‍රියා කිරීම රටට කරන මහ විනාශයක්

ක්ෂුද්‍ර ජීවීන් ඇති කාබනික පොහොර ගෙන්වීමට ක්‍රියා කිරීම රටට කරන මහ විනාශයක්

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරමින් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා රටට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින කාබනික පොහොර ගෙන්වීමට කටයුතු කිරීම රටට සහ කෘෂිකර්මාන්තයට කරන විශාල විනාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේ ද කීය. “ශාක නිරෝධායන මධ්‍යස්ථානය මගින් කළ පරීක්ෂණ දෙකකින් අසමත් වු චීන කාබනික පොහොර නැව යළි මෙරටට ගෙන්වීම සඳහා කෘෂිකර්ම ඇමැතිවරයා විශාල වෙහෙසක් දරනවා. මේ පොහොර ගැටලුව සාකච්ජා කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරයා චීන තනාපතිවරයා හමුවීමට ගිහින් තිබෙනවා. මෙවැනි දෙයක් මීට පෙර සිදු වෙලා නැහැ.

එම නිසා මෙතෙක් කාලයක් කෘෂිකර්ම නිලධාරීන් විසින් රැකගෙන ආ කෘෂිකර්ම ප්‍රතිපත්ති සහ අන පනත් ඉදිරියට ක්‍රියාත්මක නොවීමට ඉඩ තිබෙනවා. මේ උදාවෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයේ අඳුරුතම යුගයයි. මේ වන විට කුඹුරේ සිටිය යුතු ගොවියා පාරේ උද්ඝෝෂණවල සහ උපවාසවල යෙදී සිටිනවා. අනික් පැත්තෙන් ආණ්ඩුව ගොවීන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුමක් දෙන බවක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුව ගන්නා සියලු ක්‍රියාමාර්ගවලින් රටේ කෘෂිකර්මාන්තය බිඳ වට්ටන, රට බරපතළ අගාධයකට ඇද දමන තත්ත්වයකට පත් කර තිබෙනවා. ඇත්තටම මෙය සුර අසුර යුද්ධය මෙන් කාබනික රසායන අතර යුද්ධයක් නෙමෙයි. මෝඩ උද්ධච්ච දේශපාලන තීන්දුවක් සහ විශේෂඥභාවය, පරිණතභාවය හා අත්දැකීම් අතර ගැටුමක්. රසායනික හෝ කාබනික යන දෙවර්ගයේම පොහොර හඳුන්වා දෙනු ලබන්නේ විද්‍යාත්මක පදනමකිනුයි. ඒ සඳහා නිර්ණායක සකස් කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගිනුයි.”

නුවන් හෙට්ටිආරච්චි