25 C
Colombo
Monday, November 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු ආසියා පැසි පන්දු පිටියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

දකුණු ආසියා පැසි පන්දු පිටියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වෙන දකුණු ආසියා පැසි පන්දු ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කරනු ලැබීය.

දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන්ගෙන් සහ අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පැසි පන්දු කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නාවික හමුදා පැසි පන්දු කණ්ඩායමේ ක්ලින්ටන් ස්ටැලෝන් නම් කර ඇත.

පාසල් ක්‍රීඩකයන් වන යාපනය ඒන්ජල් ජාත්‍යන්තර පාසලේ යෝගනාදන් සිම්රන් සහ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ ශෙහාන් ප්‍රනාන්දු ඇතුළත් වීම කැපී පෙනේ.

දකුණු ආසියා පැසි පන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාස්කට්බෝල් කණ්ඩායම මෙසේය.

ක්ලින්ටන් ස්ටැලෝන් (නායක), යෝගනාදන් සිම්රන්, අසංක මහේෂ් රාජකරුණා, දසුන් නිලන්ත මෙන්ඩිස්, ප්‍රනීත් උඩුමලගල, නිමේෂ් ප්‍රනාන්දු, සසිඳු ඩිල්ෂාන් ගජනායක, ශෙහාන් ප්‍රනාන්දු, තිමොති නිතූෂාන්, ශෙහාන් උදයංග පෙරේරා, ගයාන් ඩි කෘස්, ආනෝල්ඩ් බ්‍රෙන්ට්, පවන් ගමගේ, චානුක ශෙහාන් ප්‍රනාන්දු, රුක්ෂාන් අතපත්තු.