30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරසායනික පොහොර නැතිකමින් අපනයන නිෂ්පාදන කඩා වැටී ඩොලර් හිඟය තවත් උග්‍ර වෙනවා

රසායනික පොහොර නැතිකමින් අපනයන නිෂ්පාදන කඩා වැටී ඩොලර් හිඟය තවත් උග්‍ර වෙනවා

හිටපු ඇමැති වජිර අබේවර්ධන

ඩොලර් හිඟකම නිසා ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම නවතා දැමීම නිසා අපනයන නිෂ්පාදන කඩා වැටී ඩොලර් හිඟය තවත් උග්‍රවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට තේ, කුරුඳු වගාවන් ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තය විනාශ වී ගොවි ජනතාව වී ගොවිතැනෙන් ඉවත් වෙමින් සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධව අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා පසුගියදා අම්බලන්ගොඩ ග්‍රීන් හෙවන් රිසෙප්ෂන් හෝටලයේ පැවැති හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

“රසායනික පොහොර ගෙන්වීම නතර කර හිටි හැටියේම කාබනික පොහොරවලට කෘෂිකර්මාන්තය හුරු කරවීමට ආණ්ඩුව ගත් තීන්දුව නිසා මේ වනවිට රටේ අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. මේ පොහොර ප්‍රශ්නය නිසා වසර එකහමාරක පමණ කාලයක සිට රටේ ගොවිජනතාව දැඩි පීඩාවන්ට පත්ව කෘෂිකර්මාන්තයට අයත් සෑම අංශයක්ම මේ වනවිට කඩා වැටී තිබෙනවා. තේ කර්මාන්තය විනාශ වෙලා. වී ගොවිතැනින් ගොවි ජනතාව ඉවත් වෙමින් සිටිනවා. වී නිෂ්පාදනය කඩාගෙන වැටෙන විට පිටරටවලින් සහල් ගෙන්වීමට විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කිරීමට වෙනවා. එළවළු වගාවත් විනාශ වෙලා. සමස්ත කෘෂිකර්මාන්තයම අද මේ ආණ්ඩුව විනාශ කර තිබෙන බව කිව යුතුයි. පොහොර නැතිකම නිසා අද සිදුවන මේ හානිය නැවත ආපස්සට හරවන්න අමාරුයි. එහෙම ආපස්සට හරවනවා නම් එය ලේසි පහසු ක්‍රියාවක් නොවෙයි. මෙය මහා ඛේදවාචකයක්. වත්මන් පාලකයන්ට රට ගෙනයාමට නිසි ප්‍රතිපත්තියක්, දර්ශනයක් නැතිකම නිසා රට මෙවැනි ඛේදනීය තත්ත්වයකට පත්ව තිබෙන බව කිව යුතුයි.

කාබනික පොහොර ගෙන්වීමේදී ඒවායේ ප්‍රමිතිය රජය විසින් සොයාබැලිය යුතුයි. එසේ නැතිව ලෝකයේ කොහේ හෝ රටකින් කල් ඉකුත් වූ පොහොර, එහෙමත් නැතිනම් ප්‍රමිතියෙන් තොර පොහොර මේ රටට ගෙන්වනවා නම් එය වැරදියි.”

ශිරෝමි අබයසිංහ