30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය බලය පැහැරගත් සුඩානයේ හමුදා නායකයාගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය බලය පැහැරගත් සුඩානයේ හමුදා නායකයාගෙන් ප්‍රකාශයක්

සුඩානයේ රාජ්‍ය බලය හමුදාව විසින් අත්කර ගනු ලැබුවේ එරට සිවිල් යුද්ධයක් හට ගැනීම වැළැක්වීමට බව හමුදා කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල් අබ්දල් ෆටා අල් බර්හාන් ඊයේ ප්‍රකාශ කළේය. බලයෙන් නෙරපා දැමූ එරට අගමැති අබ්දල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියේ තැබුවේ ඔහුගේම ආරක්ෂාවට බවත්, ඔහු නිරුපද්‍රිතව යළි නිවෙසට ගිය බවත් හමුදා නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

හමුදා කුමන්ත්‍රණයත් සමඟ සුඩානයේ සිදු වූ ජනතා උද්ඝෝෂණ කාටුම් අගනුවර දිගින් දිගටම පවතින අතර, මේ වන විට සිවිල් වැසියන් දස දෙනකු පමණ ඝාතනයට ලක් වී ඇතැයි වාර්තා වේ.

බීබීසී වාර්තාවකට අනුව ජෙනරාල් බර්හාම් රටේ බලය අත්කර ගැනීමෙන් දින දෙකක් ඇතුළත සිය රජයේ නව ඇමතිවරුන් සහ විනිශ්චකරුවන් පත් කිරිමේ නිවේදනය නිකුත් කර ඇති අතර, ඉදිරියේදී අන්තර්ජාතික වශයෙන් සහයෝගය ද බලාපොරොත්තුවෙන් පසු වෙයි.