පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි
ආණ්ඩුවේ කඩා වැටීම වසන් කරන්න සමඟි ජන බලවේගයේ පිරිසක් එනවා කියමින් දේශපාලන කුමන්ත්‍රණයක් යනවා. මම පක්ෂයෙන් යන්නේ නෑ. පක්ෂයට එපා නම් විතරක් අපි යනවා. මම නායකතුමාට මේ කුමන්ත්‍රණය ගැන සාධාරණ පරීක්ෂණයක් කර නිවැරැදි කරන්න කියා ඉල්ලීමක් කළ බව බදුල්ල දිස්ත්‍රික්කයේ සජබ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා පෙරේදා (26) පැවසීය.
ඒ මහතා එසේ කීවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු ආණ්ඩු පක්ෂයට එක්වෙනවායැයි මාධ්‍ය මගින් ප්‍රචාරයක් යෑම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඒ මහතා මෙසේද පැවසීය
“ආණ්ඩුවේත් අපේ පක්ෂය ඇතුළේත් සමහර දේශපාලන කඳවුරු තිබෙනවා. අපි කියන ඇත්ත වසන් කරන්න යම් උත්සාහයක යෙදෙනවා
ඒ උදවිය මම ආණ්ඩුවට යනවා කියා බොරු ප්‍රචාර ගෙනයනවා දෝ කියලත් මට සැකයක් තිබෙනවා.
අද ආණ්ඩුව කුණු ජොහොර ගොඩක් වී කඩා වැටිලයි තිබෙන්නේ. කඩා වැඩුණු ආණ්ඩුවක මඩ සෝදමින් කරේ තියාගෙන යන්න මට වුවමනාවක් නෑ.අපේ පක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ කවුරුහරි කුමන්ත්‍රණයක් කරගෙන යනවා කියන එක නම් මට පැහැදිලියි. මම පක්ෂයෙන් යන්නේ නෑ යනවා කියා
ලියුම් දීලත් නෑ . මට යන්න අවශ්‍යතාවකුත් නෑ. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. ආණ්ඩුවේ කඩා වැටීම වසන් කරන්න සමඟි ජන බලවේගයේ පිරිසක් එනවා කියනවා. මේ බොරු ප්‍රකාශය නිවැරැදි විය යුතුයි.
අපි ආණ්ඩුවේ වැරැදි කියනවා. නිතරම වැරදි විවේචනය කරනවා. ඒක නිසා අපට තර්ජන තිබෙනවා එවැනි ප්‍රශ්න නිසාම අපි ආණ්ඩුවට යනවා කියා උපක්‍රමශීලීව බොරු ප්‍රචාර යවනවා. මේ ගෙන යන බොරු ප්‍රචාරය ගැන විධිමත් සාධාරණ පරීක්ෂණයක් කර ඇත්ත හෙළි කරන්න කියා මම නායකතුමාගෙන් ඉල්ලීමක් කළා”
යැයි මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා පැවසීය.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි