Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය වෙනුවෙන් දිවයින පුරා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලීසිය පැවසුවේ කිතුණු බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්,...
HomeNewsආසියා රග්බි තරගාවලියට ඩයලොග් අනුග්‍රහය

ආසියා රග්බි තරගාවලියට ඩයලොග් අනුග්‍රහය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි ලබන මස පැවැත්වෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ඩයලොග් ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙසින් නම් කර ඇත.

වාර්ෂික තරග ඉසව්වක් වන මේ තරගාවලිය අදියර තුනකින් යුතුව පැවැත්වෙන අතර, එහි අවසන් අදියර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණේ ඩයලොග් අනුග්‍රාහකත්වය යටතේය. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් එහි පළමු හා දෙවැනි අදියරේ තරගාවලිය අවලංගු වූ අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් අදියරේ තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමට ආසියා රග්බි සංගමය තීරණය කර තිබිණි.

මෙරට පැවැත්වෙන ආසියා සත් සාමාජික අවසන් අදියරේ රග්බි තරගාවලියට ඩයලොග් අනුග්‍රාහකත්වය හිමි වූයේ වසර 2015 වසරේ සිටය.

ඩයලොග් ආසියා රග්බි තරගාවලිය ලෙස මේ තරගාවලිය පැවැත්වීමට ආසියා රග්බි සංගමය සහ ඩයලොග් ආයතනය අතර ඇතිකරගත් අනුග්‍රාහක එකඟතාව පිළිබඳ ඉමහත් සතුටට පත් වන බව මේ පිළිබඳ අදහස් දැක් වූ ආසියා රග්බි සංගමයේ සභාපති කයිස් අබ්දුල්ලා අල් දලාල් මහතා කියා සිටියේය.