25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ උස් ගොඩනැගිලි තහනමක්

චීනයේ උස් ගොඩනැගිලි තහනමක්

චීනයේ කුඩා නගරවල අහස උසට ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් කරන නව නීතියක් හඳුන්වා දී තිබේ. මේ අනුව මිලියන 3ට අඩු ජනගහනයක් සිටින චීන නගරවල මීටර 150ට වැඩි උසින් යුක්ත ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් කර ඇත. එම ප්‍රමාණයට වඩා වැඩි ජනගහනයක් සිටින නගරවලට මීටර් 250ට වඩා උස ගොඩනැඟිලි ඉදි කිරීම ද තහනම් කිරීමට පියවර ගෙන ඇත. මේ වන විටත් චීනයේ මීටර් 500ට වැඩි උසින් යුක්ත ගොඩනැඟිලි ඉදි කිරීම තහනම් කර ඇත. ලොව උසම ගොඩනැඟිලි රැසක්ම චීනයේ පවතින අතර, මීටර් 632ක් උසැති ෂැංහයි ටවර් සහ ෂෙන්සෙන්හි මීටර් 599.1ක් උසැති පින් ඇන් ෆිනෑන්ස් මධ්‍යස්ථානය ඒ අතර කැපී පෙනේ.