30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවට එරෙහිව එජාපය විරෝධතා පාන්න සූදානම් වෙයි

ආණ්ඩුවට එරෙහිව එජාපය විරෝධතා පාන්න සූදානම් වෙයි

Author(s): 
ශිරෝමි අබයසිංහ

ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේ නව වැඩපිළිවෙළක් පශ්චාත් කෝවිඩ් වකවානුවට ගැළපෙන අයුරින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.

එම වැඩ පිළිවෙල අයවැයෙන් පසු ගම්මට්ටමින් ආරම්භ කිරීමට අපේක්ෂිතය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනුයේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීයවේදීන්ගේ සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්ය සංසද, රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සමිති ඇතුළු සියලු බහුජන සංවිධාන බල ගැන්වීමෙන් අනතුරුවය. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ රජයට විරුද්ධව සිටින සියලු පාර්ශ්ව ඒකරාශී කර ගනිමින් සියලු සංවිධාන බල ගැන්වීම සිදු කෙරේ. ආණ්ඩුව ගැන කලකිරෙන කණ්ඩායම්වලට ප්‍රධාන විපක්ෂය ගැන විශ්වාසයක් නොමැති හෙයින් එම කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂය වටා ගොනු කර ගැනීම අපේක්ෂාව වී තිබේ.

අලුත් සංකල්පයක්, අලුත් දර්ශනයක් පක්ෂයේ අපේ වැඩපිළිවෙළ ජනතාව තුළට ගෙන යාෑම සඳහා සියලු සංවිධාන ජාල බලගැන්වීම වහා අරඹන ලෙස එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සංවිධාන ජාල ඇරැඹීම සිදු කරයි.