24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුයින්ටන් ඩි කොක් සමාව ගනී දණ නැමීමටත් පොරොන්දු වෙයි

කුයින්ටන් ඩි කොක් සමාව ගනී දණ නැමීමටත් පොරොන්දු වෙයි

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පසුගියදා අබුඩාබි නුවර පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගයේදී වර්ගවාදයට විරුද්ධත්වය පළ කිරීම සඳහා දණ නැමීමේ අභිනය පෑම ප්‍රතික්ෂේප කරමින් තරගයෙන් ඉවත් වූ දකුණු අප්‍රිකා පිලේ හිටපු නායක කුයින්ටන් ඩි කොක් සිය කණ්ඩායමේ සගයන්ගෙන්, එරට ක්‍රිකට් ආයතනයෙන් සහ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටි බව වාර්තා වේ. එමෙන්ම ඉදිරි තරගවලදී දණ නැමීමේ අභිනයට එක්වන බවටත් පොරොන්දු වී ඇත.

කුයින්ටන් ඩි කොක් එම තරගයේදී දණ නැමීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගවලට එක්වූ ක්‍රීඩකයන් 88 දෙනකු අතරින් අවම වශයෙන් ක්‍රීඩකයන් 66 දෙනකුවත් වර්ගවාදයට එරෙහිව දණ නැමීමේ අභිනය සිදුකර ඇති ඇත.