24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුවර්ටෝ රිකෝ රාජ්‍යයේ කොවිඩ් එන්නත්කරණය ඉහළට

පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ කොවිඩ් එන්නත්කරණය ඉහළට

අමෙරිකාවට අයත් ස්වාධීන පාලනයක් පවතින දූපත් සමූහය අතුරින් පුවර්ටෝ රිකෝ රාජ්‍යය වැඩිම කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කළ රාජ්‍යය ලෙස බවට පත් වී ඇත. බටහිර ඉන්දීය දූපතක් වන මේ කුඩා දූපතේ ජනගහණයෙන් 73%ක පිරිසක් මේ වන විට පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වී ඇතැයි වාර්තා වේ.

ධවල මන්දිර ප්‍රකාශයක සඳහන් වූයේ එරට ජනතාවගෙන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටින බවය. ඒ අනුව පුවර්ටෝ රිකෝහි ජනගහණයෙන් මිලියන 3.2ක් පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටිති.

එමෙන්ම එහි අවුරුදු 12-17 අතර වයස් කාණ්ඩයේ පසුවන දරු දැරියන්ගේ කොවිඩ් මර්දන එන්නත්කරණය ඉතා ඉහළ අගයක් ගන්නා බවත් වාර්තා වන අතර, එම වයස් සීමාවේ පසුවන අයගෙන් වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව හෝ ගෙන ඇත.