29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය ධීවරයන්ට ප්‍රංසයෙන් වැට බඳී

බ්‍රිතාන්‍ය ධීවරයන්ට ප්‍රංසයෙන් වැට බඳී

ධීවර කටයුතු සම්බන්ධයෙන් පැන නැඟී ඇති ආරවුල් හේතුවෙන් බ්‍රිතාන්‍ය බෝට්ටුවලට ප්‍රංස වරායවලට ඇතුළු වීම අවහිර කර ඇත. එය අන්තර්ජාතික නීතිය සහ වෙළෙඳ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් යැයි බ්‍රිතාන්‍යය පවසයි.

නොවැම්බර් 02 වැනිදායින් පසුව තවදුරටත් ගිවිසුමකට එක් වුවහොත් බ්‍රිතාන්‍යයේ බෝට්ටු සහ ට්‍රක් රථ පරීක්ෂා කිරීමේ කටයුතු දැඩි කරන බව ප්‍රංසය පවසන අතර, එමගින් බලශක්ති සැපැයුමට ද බාධා එල්ල වනු ඇතැයි පැවැසේ. මෙය කණගාටුවට කරුණක් යැයි එරට ඇමතිවරයකු වන ෆ්‍රොස්ට් සාමිවරයා ප්‍රකාශ කර ඇත. ප්‍රංසයේ සැලසුම් ගැන බ්‍රිතාන්‍යයට කඩිනමින් තීරණයක් ගැනීමට සිදු වන බව ද ඔහු වැඩිදුරටත් කියා ඇත.