27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුව සුඩානයට ආධාර දීම නවතයි

ලෝක බැංකුව සුඩානයට ආධාර දීම නවතයි

සුඩානයේ සිවිල් ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයකින් ඉවත් කිරීමත් සමඟ ලෝක බැංකුව එරටට දීමට නියමිතව තිබූ ආධාර අවලංගු කර තිබේ. දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රට පුරා විරෝධතා මතු වී ඇති අතර, අමෙරිකාව ද එරටට දීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 700ක ආධාර නතර කර ඇතැයි වාර්තා වේ. නීතිවිරෝධීව පාලකයන් ඉවත් කළ බැවින් අප්‍රිකානු සංගමය ද සුඩානය තම සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පසුගියදා පියවර ගත්තේය. පසුගිය වසර දෙක මුළුල්ලේ එරට සිවිල් පාලකයන් සහ හමුදාව අතර බලය හුවමාරු කිරීමේ එකඟතාව මත කටයුතු කර තිබූ අතර, හමුදා කුමන්ත්‍රණයෙන් පසු සුඩානයේ දැඩි ව්‍යාකූලත්වයක් හට ගත්තේය. ලෝක ප්‍රජාව හදිසියේ ආධාර කපා හැරීම නිසා දැනටමත් අසීරු තත්ත්වයෙන් පවතින සුඩාන ආර්ථිකයට මරු පහරක් එල්ල වී තිබේ.