29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවොරියර්ස් කුසලාන රග්බි 30-31 පොලිස් ක්‍රීඩාංගණයේදී

වොරියර්ස් කුසලාන රග්බි 30-31 පොලිස් ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධාන කරනු ලබන වොරියර්ස් කුසලාන අන්තර් සමාජ සත් සාමාජික ආරාධිත රග්බි තරගාවලිය මේ මස 30 සහ 31 දෙදින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියා කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම ද මේ තරගාවලියෙන් සිදු කෙරේ.

ඩයලොග් ආසියාටා අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන වොරියර්ස් කුසලාන තරගාවලියට කණ්ඩායම් 10ක් තරග වදී. ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් ක්‍රීඩා සමාජය කණ්ඩායම් 2 බැගින් තරගාවලියට ඇතුළත් කර ඇති අතර, හැව්ලොක්ස් සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් ද තරග බිමට එක් වේ.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වෙන මේ තරගාවලියට ක්‍රීඩාලෝලීන්ට සහභාගි වීමට අවසර නැති අතර, සුප්‍රීම් ටීවී ඔස්සේ තරගාවලිය සජීවිව නැරැඹීමට අවස්ථාව උදා වී ඇත. මීට අමතරව ඩයලොග් රූපවාහිනි 21 නාලිකාව ඔස්සේ ද තරගය නැරැඹීමට අවස්ථාව සලසා ඇත.