― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආබාධ අඩු වී ඇත්තේ බහුතරයක් තරුණයන් වීම නිසයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආබාධ අඩු වී ඇත්තේ බහුතරයක් තරුණයන් වීම නිසයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආබාධ අඩු වී ඇත්තේ ඔවුන් බහුතරයක්ම තරුණ වයසේ පසු වන අයවීම හේතුවෙන් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරණ කමිටු සභාපති, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. එමෙන්ම ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් සිදු කරන ක්‍රියාකාරකම් යහපත් මට්ටමක පැවැතීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආබාධ අඩු වීමට තවත් හේතුවක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින තරුණ කණ්ඩායම හ්‍රී ලංකා ක්‍රිකට් පිල බව පෙන්වා දෙන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ මේ ක්‍රිකට් කණ්ඩායම මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා රඳවා ගැනීම වැදගත් වන බවයි.

“තරුණ ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පිල මෙතෙක් ක්‍රීඩා කරන ආකාරය විශිෂ්ටයි. ඔවුන් එන්න එන්නම වෙනස් විදිහේ දස්කම් දක්වමින් ඉදිරියට එනවා. ක්‍රීඩාවට ශාරිරික යෝග්‍යතාව මෙන්ම විනය වැදගත් වෙනවා. ශ්‍රී ලංකා පිලට දැන් ඒ ‍අවශ්‍යතා දෙකම සම්පූර්ණ වෙලා තිබෙනවා. මේ කණ්ඩායම රැකගෙන ඉදිරියට යා යුතුයි. එසේ කළ හැකි වුව හොත් අපට මීළග ලෝක කුසලානය දිනා ගත හැකි වනවා” මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එල්පීඑල්) අඛණ්ඩව පැවැත්වීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සාධකයක් බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් දක්ෂයන් සොයාගත හැකි බවද ඒ මහතාගේ අදහස වී තිබේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් ද එයට එක් වනු ඇතැයි පැවසේ.