අලුත් සංකල්පයක් සහ අලුත් දර්ශනයක් තුළින් එක්සත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙළ අයවැයෙන් පසුව මහජනතාව වෙත ඉදිරිපත් කරන බව පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පක්ෂ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (28) පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා මේ බව කීවේය. අය වැයෙන් පසුව මේ වැඩපිළිවෙළ ගම් මට්ටමින් ආරම්භ කරන ලෙස වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ ක්‍රියාකාරීන් බල ගැන්වීමේ ප්‍රගතියට අදාළ වාර්තාවක් එහිදී පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළේය. ආණ්ඩුවට එරෙහි වෙන වෙනම සිටින බලවේග සියල්ල එක තැනකට ගැනීම සාම්ප්‍රදායක ක්‍රමයට කිරීම අපහසු බැවින් අලුත් විදියට අලුත් දෙයක් කිරීමට තරුණයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව දිය යුතු බව වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

එජාපයේ අලුත් සංකල්ප දර්ශන අය-වැයෙන් පසුව
Previous article
Next article