27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර දහස් ගණනක් පැරැණි පෞද්ගලික නීති අහෝසි කළ නොහැකියි

වසර දහස් ගණනක් පැරැණි පෞද්ගලික නීති අහෝසි කළ නොහැකියි

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල

එක රටක් එක නීතියක් සඳහා වූ කාර්යසාධක බළකායේ වාර්තාව කුමක් වුවත් වසර දහස් ගණනක් පැරණි පෞද්ගලික නීති අහෝසි කළ නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට ආණ්ඩුවට එරෙහිව පැවැති විරෝධතා ව්‍යාපාරයකින් අනතුරුව 29 දා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද කීවේය. “මේ රටේ සිංහල ජනතාව වසර 2000 කට වැඩි කාලයක් ඉන්නවා.උඩරට පළාත් වල තියෙන උඩරට නීතිය දුටු ගැමුණු රජ දවසේ ඉඳන් තිබෙන එකක්.ඒක අහෝසි කරන්න බැහැ. ඒ වගේම යාපනයේ තේසවලාමේ නීතිය අවුරුදු 2000 ක් විතර ඉඳලා මේ රටේ තිබුණා.පහත රට රෝමානු හා ලන්දේසි නීතියත් ඒ වගේ.මුස්ලිම් ජනතාවගේ මුස්ලිම් නීතිය තිබෙනවා. පෞද්ගලික නීති නිසා මේවා අහෝසි කරන්න බැහැ.

අලුතින් ගේන නීති සියලු දෙනාට පොදුයි.අපරාධ නිතිය ගත්තොත් සිංහල,දෙමළ,මුස්ලිම් හැමෝටම පොදුයි.ඒවා හැමෝටම එක ලෙස බලපාන ලෙස ගෙනා යුතුයි. එක්තරා ජාතියකට විතරක් වාසි වෙන විදිහට නීති ගේන්න බැහැ. අපේ ව්‍යවස්ථාවේ තිබෙනවා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන අතර අනෙකුත් ජාතීන්ගේ ආරක්ෂාවද සලසනවා කියලා. අපේ ප්‍රතිපත්තිය ඒකයි.”

අසේල කුරුළුවංශ