― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅපට මේ රට හොඳ තැනකට ගෙන එන්න පුළුවන්

අපට මේ රට හොඳ තැනකට ගෙන එන්න පුළුවන්

පා.ම. කුමාර වෙල්ගම

කැබිනට් ඇමැතිවරු දැන ගත යුතුයි ඒ අය දැනුවත් කරන්නේ නැතිනම් ඒ අය කියන දේ අහන්නේ නැතිනම් කෑ ගසමින් ඕක ඇතුළේ ඉන්නේ නැතිව මළ හත්තිලව්වේ වරෙල්ලකෝ එළියට ඇතුළට වෙලා කෑගහන්නේ නැතිව, ඔය ඇමතිකම් මහ ලොකු දෙයක්ද, ඇමතිකම් හැමදාම තියෙන්නෙත් නෑ.ඇමතිකම් ඕනේ නෑ මිනිසුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න රාජ්‍ය බලය ඕන්නේ නෑ. එළියට බැස්සොත් අපි ඔක්කොම එකතු වෙලා කෑ ගහලා අපිට මේ රට හොද තැනකට ගෙන එන්නට පුළුවන් යැයි සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

වර්තමාන තත්ත්වය පිළිබඳව පෙරේදා (30) අනුරාධපුර‍යේදි මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි ඒ මහතා එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

“මේ මුළු ලංකාවෙන්ම පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දෙන්න එපා කීව පළමුවැනි මිනිහා මන් විතරයි.මං එය දැක්කා.මගේ වසර හතළිහක් පමණ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක කමයි අවුරුදු තිහක් පමණවන පාර්ලිමේන්තුවේ තිබෙන අත්දැකිම් තුළින් මන් කීවා කරන්න බෑ කියා.ප්‍රාදේශිය සභාවකවත් හිටපු නැති කෙනෙකුට කොහොමද මේ රට පාලනය කරන්නේ කියන එක මම එදා කෑ ගහලා කිවා.මට එදා මිනිසුන් බැන්නා.නමුත් මිනිස්සු අද වෙල්ගම මහත්තයා කියපු දේ හරි කියනවා.

මහජන බැංකුව අසාදු ලේඛනයට දාලා තිබෙනවා චීන ආණ්ඩුව.එතකොට අසාදු ලේඛනය හදන්නේ චීනයෙන්,ඉතින් මේ මිනිසුන්ට මොලයක් නැද්ද අපි ස්වයිරි ජාතියක් නොවෙයිද.අපිට ඒ නිදහස නැද්ද,අපිට පොහොර හොඳ නැතිනම් පොහොර ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියෙනවා.ඒ අය කියනවා ඒ නැව නොවෙයි වෙන නැවක් ආවොත් ටෙස් කරලා ගන්නවා කියා.ඉතින් අපි කොහොමද දන්නේ මොන නැවද එන්නේ කියා.කවුද මෙය ටෙස් කරන්නේ තුන්වන පාර්ශවයක්.දැන් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා මොනවා කිවාත් කෙලින්ම කිව්වා තුන්වැනි පාර්ශ්වයකට දෙනවා මෙය ටෙස් කරන්න කියා.මොන පොල් පැළේ කන්නද ගොනා හැරෙන්නේ කියා අපිට තේරෙනවා.”

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක