― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරනවා

උතුරේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරනවා

පා.ම. රිෂාඩ් බදියුදීන්

තමන්ට දේශපාලන වශයෙන් කුමන රජයකින් වූවත් මර්දනයක් හා තර්ජනයක් එල්ල වූවත් උතුරේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා කටයුතු කරන බව සමස්ත ලංකා මුස්ලිම් මහජන කොංග්‍රසයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 30 දා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මුලතිව් ප්‍රදේශයට පැමිණ මුලතිව් පළාතේ යළි පදිංචි කොට සිටින මුස්ලිම් ජනතාව හමු වීමෙන් අනතුරුවය.

තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට බොහෝ පිරිසක් ආකාර කීපයකට කටයුතු කරන බව මෙහිදී පැවසූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වන විට තමන්ගේ ජීවිතය පවා විශාල අනතුරකට පත්ව ඇති බවද ප්‍රකාශ කළේය.

ඒ කෙසේ වෙතත් උතුරේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව තමන් පිළිබඳව ඉතා මැනවින් කරුණු දන්නා නිසා ඒ ජනතාවගේ ප්‍රසාදය හා සහයෝගය ලැබීම ගැන තමන් ඉතා සතුටට පත්වන බවද කියා සිටියේය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ