― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාබනික පුරසාරම් දෙඩූ ආණ්ඩුව කෘමිනාශක ගෙන්වීමට සැරසෙනවා

කාබනික පුරසාරම් දෙඩූ ආණ්ඩුව කෘමිනාශක ගෙන්වීමට සැරසෙනවා

හිටපු පා.ම.විජේ‍පාල හෙට්ටිආරච්චි

කාබනික වගාව පිළිබඳ පුරසාරම් දෙඩූ ආණ්ඩුව හෙට අනිද්දා වන විට රසායනික බෙහෙත් හා පළිබෝධ නාශක ගෙන්වීමට සැරසෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේ‍පාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව අදූර්දර්ශී ප්‍රතිපත්තියක අනුගමනය කරන නිසා නුදුරේදීම මහා සාගතයකට මුහුණ දීමට ජනතාවට සිදු වනු ඇති බවද හෙ‍තෙම කීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව කී හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද අදහස් දැක්වීය.

“දැන් මහා කන්නය පටන් අරගෙන තියෙන්නේ. මහා කන්නය තමයි මේ රටේ වී නිෂ්පාදනය වැඩිම ප්‍රතිශතයක් තිබෙන කන්නය. විශේෂයෙන්ම ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ මහ කන්නයයි. හැබැයි එය පටන් ගන්න කොට තවමත් අහිංසක දුක්විඳින කන කර උකස් තියලා කැප කරලා කරන ගොවිතැන් අස්වැන්න නෙළා ගැනීමේ ප්‍රශ්නයක් ඇතිවෙලා. අද බඩ ඉරිඟු ගොවියාට එම වගාවන් කරගන්න බැරිවෙලා බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. එකක් සේනා දළඹුවන්ගෙන් අනිත් පැත්තෙන් බඩඉරිඟු වගා කරන කොට ඉස්සෙල්ලම මේ භූමියට අවශ්‍ය වෙන ඒවා අද නැහැ. අවශ්‍ය දිලීර පළිබෝධනාශක නැතිකමින් එම වගාවන් කරගන්න විදියක් නැහැ. එහිදී අපි බලාපොරොත්තු වෙන ආකාරයට හැදෙන්නේ නැහැ. එම නිසා ආණ්ඩුව ලෑස්ති වෙලා ඉන්නවනම් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට මේවා දීලා බෝතලේ ගන්න පෝලිමේ යනකොට බීජයට වෙන්න තියෙන දේ සිදු වෙලා.”

පහන් විජේසේකර