28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොහොර සංකල්පය ගෙන්න ජනපති කටයුතු කළේ වස විස නැති ආහාර ජනතාවට දීමටයි

පොහොර සංකල්පය ගෙන්න ජනපති කටයුතු කළේ වස විස නැති ආහාර ජනතාවට දීමටයි

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය විදෙස් රටවලින් ගෙන්වන අනවශ්‍ය දේවල් හේතුවෙන් විනාශ වී ඇති බව හා ඒ ප්‍රතිවිපාකවලින් මිදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරන බවත් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සියලු සේවාවන් ජනතාවට මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) ලබා දීමේ ආරම්භක අවස්ථාවට සහභාගිවෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීවේය.

“එදා බණ්ඩාරනායක මැතිනිය ආචාර්ය එන්.එම් පෙරේරා සිදු කළාට පස්සේ ඉලක්කගත වැඩසටහනක් එක්ක මේ රට දියුණු කිරීම තමයි ජනාධිපතිතුමාගේ අරමුණ. ජනාධිපතිවරයා මේ පොහොර සංකල්පය මේ රටට ගෙන එන්න කටයුතු කළේත් වස විස නැති ආහාර මේරටේ ජනතාවට ලබා දීමටයි. අපි රටක් හැටියට අද ඉන්නේ ඉතාම අසීරු අවස්ථාවක. අපි රටක් හැටියට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. අපේ රටේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීම යන කාරණාවත් එක්ක අපි මේ රට ඉස්සරහට ගේන්න ඕන කියන තැන සියලු දෙනාම ඉන්නේ. එනිසා සියලු දෙනාගේම දායකත්වය මේ රටට ලබා දෙන්න ඕන. අපි දන්නවා විශාල අමාරු කම් තියෙනවා. විදේශ විනිමය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය කරන්න තියෙන හැකි දේවල් අපි දීර්ඝ කාලයක් තිස්සේ නිෂ්පාදනය කරන්නෙ නෑ. කෘෂි නිෂ්පාදන, වැවිලි කර්මාන්තය වගේ අනිකුත් කර්මාන්ත ඒ වගේම අනිකුත් රටට ආර්ථික වශයෙන් ගන්න ඕන කියන දේවල්අපි අමතක කරල තියෙනවා. විශේෂයෙන් විදේශ රටවලින් ගෙනන අනවශ්‍ය දේවල් එක්ක අපේ ආර්ථිකය අපි විනාශ කරගෙන තියනෙනවා.උදාහරණයක් හැටියට දේශීය කිරි කර්මාන්තය ගත්තාම දේශීය කිරි කර්මාන්තය අපි දියුණු කරන්න ඕන කාලයේ ඇවිල්ලා තියෙනවා.හැබැයි විශාල වශයෙන් අපි මේ රටට කිරිපිටි ගෙන්වන රටවල් වල දරුවන්ටවත් ඒ කිරිපිටි දෙන්නේ නෑ. දියර කිරි තමයි ඒ දරුවන්ට දෙන්නේ. අපි දියර කිරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ඈත්කරලා. අපි විදේශ රටවලින් ආනයනය කරන කිරිපිටි එක්ක කටයුතු කරනවා. එවැනි දේවල් නැති කර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට තමයි ජනාධිපතිවරයා නිරන්තරයෙන් කටයුතු කරන්නෙ. එහෙම නැත්නං තව අවුරුදු ගණනාවකට පස්සේ අපිට ලෝකයේ තියෙන රටවල් හමුවේ දණින් වැටෙන්න සිදු වෙනවා. ඒ තත්ත්වයෙන් මුදා ගන්න තමයි ජනාධිපතිවරයා මේ ප්‍රයත්න දරන්නෙ. මේ වෙලාවේ කරන්න බැරි වුනොත් මම හිතනවා අපේ රට තව තවත් ඉදිරියේදී අන්ත අසරණ වෙයි කියලා.”

මිහිර විජේසේකර – මාරවිල සමූහ