― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුණු කිරිමට උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුණු කිරිමට උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවේ පවතින ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් උපදේශක කමිටුවක් පත් කිරීම අද (01) දින සිදුවිය.
 
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා විසින් අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් 08 දෙනෙකුගෙන් යුතු ක්‍රියාකාරී කමිටුවක් මේ සඳහා පත් කරන ලදි.
 
එම කමිටුවේ සාමාජිකයන් පහත පරිදි වේ.
 
අසංග සෙනෙවිරත්න මහතා, රිස්ලි ඉල්ලියාස්, රිස්ලි ඉල්ලියාස්, එම්.එච්.මාර්සෝ, ඩිල්රෝයි ප්‍රනාන්දු, විංග් කමාන්ඩර් එරංග ගීගනගේ, රියර් අද්මිරාල් ඒ.එස්.එල්. ගමගේ, උදානි එදිරිසිංහ, වෛද්‍ය ලාල් ඒකනායක.