27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅප අලුත් දේශපාලන ගමනක් ඇරඹුවා

අප අලුත් දේශපාලන ගමනක් ඇරඹුවා

ජනතා විමුක්ති පෙරමුණ නව දේශපාලන ගමනක් ඇරඹූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (1) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ “ගමෙන් පටන් ගමු ජීවිතය ලස්සන කරන විසඳුම් යෝජනාව රැගෙන ජවිපෙ නියමුවන් ඔබේ ගමට“ වැඩසටහන මහරගමින් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (1) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජනතාව විශාල බලාපොරොත්තු සහිතව තුනෙන් දෙකක බලයක් දී පත් කර ගත් ආණ්ඩුවෙන් තම බලාපොරොත්තු ඉටු නොවන බව මේ වන විට ජනතාව තේරුම් ගෙන සිටින බවත් දිසානායක මහතා කීවේය. අවුරුදු හැත්තෑවක් ජනතාවට බොරු පොරොන්දු දෙමින් විවිධ පක්ෂ බලය ලබා ගෙන නමුත් වංචා දූෂණවල අඩුවක් නැති බවත් කී ඒ මහතා, සාමුහිකත්වය වෙනුවට පවුල කේන්ද්‍ර කර ගත්, ආර්ථක සංවර්ධනය වෙනුවට සියල්ල විකුණා දමන පාලනයක් අද පවතින බවත් කීවේය. ජනතාවට එපා වූ පාලනය ඉවත් කර අලුත් දේශපාලන ගමනක් පිළිබඳ ජවිපෙ අදහස් ඉදිරිපත් කිරීමට මේ නොවැම්බරයේ සිට ඔබේ ගමට පැමිණීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයන් වන ලාල්කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම අවස්ථාවට සහභාගි වූහ.

නුවන් හෙට්ටිආරච්චි