27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදමිළ වැසියන්ගේ ඉඩම් කොල්ලකෑමට එරෙහිව ලිපියක්

දමිළ වැසියන්ගේ ඉඩම් කොල්ලකෑමට එරෙහිව ලිපියක්

දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේශ්වරන්

සිංහල වැසියන් හෝ බෞද්ධ වැසියන් නොමැති උතුරේ බොහෝ ස්ථානවල යළිත් බෞද්ධ සිද්ධස්ථාන ඉදි කරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ වැසියන්ට අයත් ඉඩම් මංකොල්ලකමින් එම ප්‍රදේශ දෙමළ වැසියන් ශූන්‍ය කලාප බවට පත් කිරීම පිළිබඳව දෙමළ ජනතා සන්ධානයේ විරෝධය අදාළ ඇමැතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළ බව එම පක්ෂයේ නායක සී. වී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පැවැසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මේ උත්සාහය හුදෙක් උතුරේ බෞද්ධ සංවර්ධනයක් ඇති කිරීමට ගෙන යන වැඩ සටහනක් නොවේ. එය දෙමළ ජනතාවගේ ඉඩම්වලින් ඔවුන් බලහත්කාරයෙන් ඉවත් කර එම පළාත්වල දෙමළ ජනයාගේ සංයුතිය අඩු කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක්.දෙමළ ජනතා සංහාරය ආරම්භ වූයේ අදක ඊයෙක සිට නොවේ. යුද සමයේදී දෙමළ සංහාරය සිදු වූයේ දෙමළ ජනයා සමූල වශයෙන් ඝාතනය කිරීමෙන්. මේ වන විට දෙමළ ජනතා සංහාරය සිදු වන්නේ ඉතාම උපක්‍රමශීලී ආකාරයෙන්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි ව්‍යාපාරය, කජු සංස්ථාව, පොල් වගා කිරීමේ ආයතන උතුරු පළාතේ දෙමළ ජනයාට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම මේ උත්සාහයේ නව ප්‍රවණතාවක්. “

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ