28.4 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොදු ජන පෙරමුණු සම්මේලනයේදී හවුල් පක්ෂවලට කැපිල්ලක්!

පොදු ජන පෙරමුණු සම්මේලනයේදී හවුල් පක්ෂවලට කැපිල්ලක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අද කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වුණා. ‌මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් LNG ගනුදෙනුවට එරෙහිව කටයුතු කරන නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයිද ඊට සහභාගී වී සිටිම කැපී පෙණුනු කාරණයක්.

කෙසේ වෙතත් මෙම සම්මේලනයට හවුල්කාර පක්ෂවල නායකයින් පැමිණෙමින් සිටින ආකාරය දුටු ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුට පවසා ඇත්තේ, අන්න බලපංකෝ…. වැරදිලාද මන්දා…. යනුවෙනි.

නොසිතූ ලෙස එම වචන පෙළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට ශ්‍රවණය වී ඇති අතර, තනිවම පැමිණෙමින් සිටි ඔහු කිසිත් නොකියා සුපුරුදු හිනාවෙන් යුතුව ශාලාව තුළට ‌පැමිණි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම හවුල්කාර පක්ෂ නායකයින්ගේ සම්ප්‍රාප්තිය විවේචනය කරමින්ද අගය කරමින්ද මෙම සංවත්සරය තුළ විවිධ සංවාද පැවැති බවටද තොරතුරු වාර්තා වුණා.