25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානය අවසන් පූර්ව වටයට

පාකිස්තානය අවසන් පූර්ව වටයට

විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම වන පාකිස්තානය ඊයේ රාත්‍රී අබුඩාබි නුවරදී නැමීබියාවට එරෙහිව ලකුණු 45ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාව ඕවර 20 නිමා වන විට ලබා සිටියේ ලකුණු 144ක් පමණි.

පාකිස්තාන ඉනිමේදී පළමු කඩුල්ලට මොහොමඩ් රිස්වාන් සහ නායක බාබර් අසාම් අතර ලකුණු 113ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි. බාබර් අසාම් පන්දු 49කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 70ක් රැස් කිරීමට සමත් වෙද්දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි රිස්වාන් රැස් කළ ලකුණු 79ට වැය වූයේ පන්දු 50ක් පමණි.