― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ

ඇමැති සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට කිසිසේත් නිදහසේ හැසිරෙන්න ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (02) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාළ‌ඹේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකෙරෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විටත් චූදිතයන් 32කට එරෙහිව මහාධිකරණ 5ක නඩු විභාග වෙමින් තිබෙන බවද පෙන්වා දුන්නේය. නවුෆර් මවුලවි, ජෆූර් මාමා ඇතුළු ප්‍රධාන සැකකරුවන් විසි හතර දෙනකුට අධි චෝදනා ගොනුකර නොකඩවා නඩු විභාගය පැවැත්වීම සඳහා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බව කී ඒ මහතා, වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන ඇමැතුම් 112,000ක් විශ්ලේෂණය කර චෝදනා 32,700ක් ගොනු කර තිබෙන බවද කීය. පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති කොමිසම සහ අපරාධ විමර්ශනය ආදී සියලු දේ නීතිපතිවරයා විසින් විශ්ලේෂණය කරනු ලැබිය යුතු බවද සඳහන් කළ අමාත්‍යවරයා, තවදුරටත් අවධාරණය කර සිටියේ, සාක්ෂිවල පරස්පරතා හේතුවෙන් සැකකරුවන් නිදහස් වීම වැළැක්වීමට නම් සියලු කාරණා හොඳින් විශ්ලේෂණය කළ යුතුව ඇති බවයි. 2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළ මහ මොළකරු වූ ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරිම සඳහා වසර විස්සක් ගතවූ බවත්, 2015 ප්‍රංශ ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව නඩු පැවරීම සඳහා වසර හතක් ගත වූ බවත් මෙහිදී හෙ‍ෙතම පෙන්වා දුන්නේය.