31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොදුජන පෙරමුණේ අපේක්ෂාව ජනතාව දිනවීමයි

පොදුජන පෙරමුණේ අපේක්ෂාව ජනතාව දිනවීමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව කිසිවකු පරාද කිරීම නොව ජනතාව දිනවීම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි ජාතික සම්මේලනයේදී ඊයේ (02) පැවසීය.

පක්ෂයක් ලෙස ඉදිරියටත් ක්‍රෝධය වෛරය නොමැතිව අවංකව සියලු දෙනා එක්ව සහයෝගයෙන් රට වෙනුවෙන් සේවය කිරීමට අධිෂ්ඨානය කර ගත යුතු යැයි ද හෙතෙම නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැති මෙම සම්මේලනයට එක්වෙමින් කීවේය. ජනතාවට අවංකව දේශපාලන පක්ෂයක් ලෙස මිතුරන්ගේත් ප්‍රතිවාදීන්ගේත් අභියෝග හා ආශිර්වාද එක ලෙස බාර ගෙන කටයුතු කළ බව කී ඒ මහතා,ඒ අභියෝග හා ආශිර්වාද සියල්ල ශක්තියක් වු බවද කීවේය.

ඉදිරියේදී තව දුරටත් දේශපාලන ජයග්‍රහණ ලබා ගත යුතු බවත් ඒ සියලු දේශපාලන ජයග්‍රහණ මේ රටේ ජනතාවගේත් විශේෂයෙන් මතු පරපුර වෙනුවෙන් බවත් ඇමැතිවරයා කීවේය.

නෙරංජලා වික්‍රමසිංහ