― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමනූෂගෙන් කෝටි 100ක වන්දියක් ඉල්ලා ටෙලිකොම් සමාගම නඩු දමයි

මනූෂගෙන් කෝටි 100ක වන්දියක් ඉල්ලා ටෙලිකොම් සමාගම නඩු දමයි

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව රුපියල් කෝටි 100ක (බිලියනයක) වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කොළඹ දිසා අධිකරණයේ පෙරේදා (1) නඩු පවරා තිබේ.

ආන්දෝලනයට තුඩු දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයාව හිතාමතාම දත්ත විනාශ කළ බවට කරන ලදැයි චෝදනාවක් පදනම් කර ගනිමින් මෙම නඩුව පවරා තිබේ.

ටෙලිකොම් සමාගමේ ප්‍රතිරූපයට සහ කීර්තියට හානි කරමින් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයන් කිරීම හරහා සමාගමට සිදු වූ ගැනිය නොහැකි අලාභය සහ පාඩුව වෙනුවෙන් මෙම බිලියනයක වන්දිය ඉල්ලා ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයන් සමාගම වෙත අනර්ථයක් සිදුකිරීමේ සහ සමාගම අපකීර්තියට පත්කිරීමේ අරමුණින් කළ බවට තහවුරු කරමින් අධිකරණ ප්‍රකාශයක් ඉල්ලා ඇත. ඉහත ප්‍රකාශය කිරීමේ දී නානායක්කාර මහතා සමාගමට එරෙහිව නීති විරෝධීව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නීත්‍යානුකූල අයිතීන්ට පටහැනිව ක්‍රියාකර ඇති අතර එම ප්‍රකාශයන් සත්‍යවාදී බව, මහජන ප්‍රතිලාභ හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද මත පදනම්ව තහවුරු කරගැනීමට ඔහු අසමත් වී ඇති බව සමාගම පවසයි. මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නානායක්කාර මහතා වෙත ඉල්ලීම් ලිපි දෙකක් යවා ඔහු කළ ප්‍රකාශයන් සඳහා නිවැරදි කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහුගේ විද්‍යුත් මාධ්‍ය අඩෙවිවල පළ කළ සාවද්‍ය ප්‍රකාශයන් ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා සිටි අතර, එම වකවානුව වන විට NMRA දත්ත ගබඩා කිරීමේ වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතුව නොතිබූ බවත් එය වෙනත් සමාගමක් සතුව තිබු බවටත් ප්‍රසිද්ධියට පත් විය. මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ සමාගම කළ ප්‍රකාශය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දෙපාර්තමේන්තුව මනූෂ නානායක්කාර මහතාගෙන් ඒ සම්බන්ධ ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.

මහින්ද අලුත්ගෙදර