― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවැරැදි හදාගෙන ලබන වසරේ ලෝක කුසලානය දිනනවා

වැරැදි හදාගෙන ලබන වසරේ ලෝක කුසලානය දිනනවා

වනිඳු හසරංග

මෙවර ලැබූ අත්දැකීම් අනුව ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජයග්‍රාහී මාවතට එළැඹෙන බව ශ්‍රී ලංකා පිලේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග පවසයි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර, පෙරේදා සාජා පිටියේදී නිමාව දුටු විස්සයි20 ලෝක කුසලාන සුපිරි වටයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

“ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට දැන් සිටින තරුණ ක්‍රීඩකයන් සූදානම් කළ යුතුයි. එවිට හොඳ කණ්ඩායමක් බිහි වෙනවා. අපෙන් සිදු වූ වැරදි හදාගෙන ක්‍රීඩා කළොත් ලබන වසරේ ලෝක කුසලානය දිනන්න අපට පුළුවන්”

“මේ වසරේ මා වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වීම සතුටක්, මේක මගේ පළමු ලෝක කුසලාන තරගාවලිය. පසුගිය කාලයේ සුදු පන්දු ක්‍රීඩාවෙන් අප පසු බැසීමක සිටියේ. ක්‍රීඩකයන් සියලු දෙනා සියයට සියයක්ම කණ්ඩායමට දෙන්නේ කොහොමද කියා සාකච්ඡා කළා. දැන් අපට ඕනෑම කණ්ඩායමකට හොඳ තරගයක් දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා” වනිදු හසරංග පැවසීය.

එංගලන්තය ලකුණු 26කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමත් සමඟ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. සුපිරි 12 වටයේ සුපිරි පිතිකරණයක් දියත් කළ ජොස් බට්ලර් ශ්‍රී ලංකා දඟ පන්දුවට ඇඹරී ගියද වේග පන්දු යවන්නන්ට එරෙහිව සාජා පිටියේ දස අතට එල්ල කළ අග්‍රගණ්‍ය ප්‍රහාර හමුවේ රැස් කළ ශතකය ජයග්‍රහණයට මඟ පාදා දුන්නේය.

එංගලන්ත ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 තුළදී කඩුලු 4කට ලකුණු 163ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිල ඕවර 20ක් නිමා වෙද්දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 137ක් පමණි.

එංගලන්ත පිල ඕවර 10කදී කඩුලු 3ක් බිඳද වැටී ලකුණු 47ක් සමඟින් අසීරු තත්ත්වයක සිටියදී ජොස් බට්ලර් හා ඔයින් මෝගන් එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් එක් කිරීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ජොස් බට්ලර් පන්දු 67කදී හයේ හා හතරේ පහර 6 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, ඔයින් මෝගන් පන්දු 36කදී හයේ පහර 3ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.

තම විස්සයි 20 අන්තර්ජාතික තරග බිමේ තරග 30කදී කඩුලු 50ක් වාර්තා කළ වනිඳු හසරංග ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 21ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 13ක් භානුක රාජපක්ෂ හා දසුන් ශානක ලකුණු 26 බැගින් රැස් කළ අතර, වනිඳු හසරංග ලකුණු 34කට දැවී ගියේය.

ප්‍රින්ස් ගුණසේකර සාජා නුවර සිට…