― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsහාල් මිල එක්ක සෙල්ලම් කරන මෝල් හිමියන්ගේ මෝල් රජයට ගන්න ඕනෑ

හාල් මිල එක්ක සෙල්ලම් කරන මෝල් හිමියන්ගේ මෝල් රජයට ගන්න ඕනෑ

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය සමඟ තවදුරටත් සහල් මෝල් හිමියන්ට සෙල්ලම් කිරීමට ඉඩ නොදී රටත්, ජනතාවත් සහල් මාෆායාවෙන් බේරා ගන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පස් වසරක් සපිරි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පෙරේදා (01) ඒ මහතාගේ නිවෙසේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

“රජය සහල් මිල පාලනයෙන් ඉවත් වුණේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුවයි. ඒ තීරණය මොන පදනමෙන් ගත්තද කියා මට ප්‍රකාශ කරන්න බැහැ, මම කැබිනට් මණ්ඩලයේ නැති නිසා. හැබැයි මට පෞද්ගලික මතයක් තියෙනවා. පසුගිය දිනවල පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා වී මිලදී ගැනීම සහ සහල් අලෙවිය පිළිබඳ මිල ගණන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ අනුව කීරි සම්බා වී කිලෝවක් රුපියල් 80කට මිලදීගෙන එම සහල් කිලෝවක් රුපියල් 165කට අලෙවි කරන බව කීවා. හැබැයි අද ඒ මිලට කිරි සම්බා සහල් මිලදී ගන්න නෑ. අද මිල රුපියල් 230යි. මේක වී මෝල් කිහිපයක සෙල්ලමක්. ඒකට ඉඩ නොදිය යුතුයි. එනිසා මේ වැරදි පූර්වාදර්ශ ඉදිරියට ගෙනයන්න නොදී රටේ ප්‍රධාන ආහාරය එක්ක සෙල්ලම් කරන, ජනතාව බඩගින්නේ තබමින් ජනතාව අපහසුවට පත් කරන සහල් මෝල් අනිවාර්යයෙන් රජයට පවරා ගත යුතුයි. ඒ මෝල්වලට වන්දියක් ගෙවා, ඒවායේ ඉන්න සේවකයො රජයේ සේවකයන් බවට පත් කළ යුතුයි. මේ වී සහ සහල් මාෆියාවෙන් රටත්, ජනතාවත් බේරා ගැනීමට කටයුතු කරන්න කියා අප ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.

“නොවැම්බර් 02 වැනිදාට වසර පහක් 5ක් සපිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළේ 2016 වර්ෂයේ දී. නොයෙක් බාධක මධ්‍යයේ පක්ෂයේ සංවර්ධන කටයුතු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ජී.එල්. පීරිස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. පක්ෂය මේ අයුරින් ඉදිරියට ගෙනවිත් ඉතා කෙටි කාලයක් තුළ දේශපාලන ජයග්‍රහණ රැසක් ලබාගෙන අවසානයේ රටේ පාලන බලය ලබා ගත්තා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂ නායකයකු හා විධායක ජනාධිපතිවරයකු නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික්කය වැඩි බහුතරයකින් පොදුජන පෙරමුණට ජයග්‍රහණය ලබා දීමට හැකි වීම මගේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි ජයග්‍රහණයක්. “

එච්.එල්. ද සොයිසා – ලංකාපුර සමූහ