― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් ගෙන්වූ කසළ පොහොර නැවක් අපේ මුහුදු සීමාවේ සැරිසරනවා

චීනයෙන් ගෙන්වූ කසළ පොහොර නැවක් අපේ මුහුදු සීමාවේ සැරිසරනවා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාවට අයිති මුහුදු කලාපයේ දින 10කට ආසන්න කාලයක් චීනයෙන් ගෙන් වු කසළ පොහොර නැව සැරිසරන බවත්, එහි අරමුණ කෙසේ හෝ රටට අහිතකර වු පොහොර නැව ගොඩ බෑමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා ඊයේ (03) දිනමිණට පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“ආපසු එම නැව පැමිණි රටටම යැවීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කඩිනමින් පියවර ගත යුතුයි. පොහොරවල ගුණාත්මක බව පිළිබඳව සිදු කළ පරීක්ෂණ දෙකකින් අසමත් වු එම පොහොර නැව නැවත මෙරටට ගෙන්වුයේ කවුරුන්ද යන්න ආණ්ඩුව හෙළි කළ යුතුයි. වහාම එම නැව අප රටේ මුහුදු සීමාවෙන් පිටමං කළ යුත්තේ නැවත හොර රහසේ හම්බන්තොට වරායෙන් ගොඩ බෑමට හැකි නිසයි.

හම්බන්තොට වරාය චීනයට අයත් වරායක් නිසා එය සිදු කළ හැකි සම්භාවිතාව වැඩියි. එම නිසා රටම විනාශ කළ හැකි මේ පොහොර නැව වහාම පිටමං කිරීම රජය විසින්ම සිදු කළ යුතුයි. රසායනික අවි ආයුධවලට වඩා මේ පොහොර තොගය ලංකාව ඇතුළට ගෙන්වීම බරපතළයි. නමුත් රටේ කෘෂිකර්ම ඇමැතිවරයා එම භායානක බව පිළිබඳව අවධානය යොමු කරන්නේ නෑ. කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා සඳහන් කරන කිසිවක් නොපිළිගෙන මේ සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ සිදු වු භායනකම ක්‍රියාකාරකමක්.”

නුවන් හෙට්ටිආරච්චි