23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙට්බෝල් නිලවරණයේ සියලු විරෝධතා කුණු කූඩයට

නෙට්බෝල් නිලවරණයේ සියලු විරෝධතා කුණු කූඩයට

නෙට්බෝල් නිලවරණය සඳහා නාමයෝජනාදී තිබූ 5 දෙනකුට එරෙහිව ගොණු කළ විරෝධා ඉවත දැමීමට නිලවරණ කමිටුව කටයුතු කර තිබේ.

සභාපති තනතුර සඳහා රංජනී ජයකොඩි, හයසින්ත් විජේසිංහ හා ගීතා පතිරණ මහත්මීන්ට හා ලේකම් තනතුරට සඳහා චම්පා ගුණවර්ධන හා භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනාදී තිබූ පද්මිණී හොරණගේ මහත්මීන්ට එරෙහිව මේ විරෝධතා ගොනු වී තිබිණි.

කොරෝනා වසංගතය හේතුවෙන් කල් ගිය නෙට්බෝල් සම්මේලනයේ නාමයෝජනා අලුතින් කැඳවීමට නෙට්බෝල් නිලවරණ කමිටුව කටයුතු කළ අතර, එහි නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීම පසුගියදා සිදු කෙරිණි. විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුවට උපාලි සමරවීර සහ පාලිත ජයතිලක මහත්වරු ඇතුළත් වූහ.

මෙවර නිලවරණයේදී සභාපති තනතුරට කෝකිලා ගුණවර්ධන (ගම්පහ), රංජනී ජයකොඩි (මාතලේ), පද්මා බැද්දේවෙල (කොළඹ), හයසින්ත් විජේසිංහ (කෑගල්ල) සහ ගීතා පතිරණ (බදුල්ල) නාමයෝජනා දී ඇති අතර, ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික සහ උප ලේකම් තනතුරු සඳහා දෙදෙනකු බැගින් නාමයෝජනා දී තිබේ.

නෙට්බෝල් නිලවරණය මේ මස 15 දා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.