― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුදගනවි බලාගාරය විකිණීමේ තීරණය දැවැන්ත අපරාධයක්

යුදගනවි බලාගාරය විකිණීමේ තීරණය දැවැන්ත අපරාධයක්

සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

අපේ එල්. එන්. ජී. යුදගනව් බලාගාරය විකිණීමට ගත් තීරණය මේ සියවසේ සිදු වු දැවැන්තම අපරාධය බවත්, මේ නිසා අපේ රටේ ස්වාධිපත්‍යයට බරපතළ ප්‍රශ්න ඇති වන බවත් සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය.

ඒ මහතා මෙ බව පැවැසුවේ පෙරෙදා (02) ගාල්ල, මීගොඩදී මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මසේ ද කීය.

“යුදගනව් බලාගාරය විකිණීම සහ ඒ පිටුපස තිබෙන සියලු ව්‍යාපාර මහා වංචාවක් බව අපි නෙවෙයි කියන්නේ. දැන් මේක කියන්නේ ආණ්ඩුවේම පක්ෂ 11ක්. මේ බරපතළ වංචාව පිළිබඳව දැන් රටේ ජනතාවට කරුණු කියන්න පටන්ගෙන තිබෙනවා. බහුතරයක් දන්නේ යුදගනව් බලාගාරයේ කොටස් සියයට හතළිහක් විකිණීම ගැන. නමුත් දැන් මෙතැන තිබෙන්නේ ඊට එහා ගිය ප්‍රශ්න ගොඩක්.

ඒක තමයි දෙවැනි ප්‍රශ්නය. ලංකාවේ ගෑස් ඒකාධිකාරය සදාකාලිකවම අමෙරිකානු සමාගමකට විකිණීමට අත්සන් කර පිඹුරුපත් හදලත් ඉවරයි. රජය යුදගනව් බලාගාරය විකිණීමෙන් ගන්නා මුදලට වඩා වැඩි මුදලක් මේ ගෑස් සැපයීමට ඇති කළ රදවනය සහ නළ පද්ධතියට ආපසු ඒ සමාගමට ගෙවනවා. තුන් වෙනුව ලංකාවට ගෙන්වන සියලුම ගෑස් පාවිච්චි කළත් නොකළත් ආණ්ඩුව සල්ලි ගෙවන්න බැඳී ඉන්නවා. අපි අහන්නේ මෙහෙම ගිවිසුම් අත්සන් කරනවාද? මේ තරම් ජනතාවගේ මුදල් නාස්ති කළ ආණ්ඩුවක් අපි දැක්කේ නෑ.

ලෝකයේ සෑම රටක්ම බලශක්තිය තම රට සතුව තියා ගන්නවා. එහෙම නොවුණු එක රටක් තිබෙනො. ඒක තමයි නේපාලය. නේපාලය ඉන්දියාව සමඟ අත්සන් කළ එවැනි තෙල් සැපයීමේ බලශක්ති ගිවිසුම නිසා සම්පුර්ණයෙන්ම එය පාලනය කිරීමේ යතුර තිබෙන්නේ ඉන්දියාව අතේ. ඉන්දියාවට ඕනෙ වුණාම ඒ ස්වීච් එක ඕෆ් කරලා නේපාලයට තෙල් දෙන එක නවත්වනවා. අපටත් ඒ ආකාරයෙන්ම ගෑස් දෙන එක අමෙරිකාවට නවත්වන්න පුළුවන්. මේක භයානකයි. රටක බලශක්තිය පවත්වාගෙන යන්න දැන ගන්න ඕනෑ. ආණ්ඩුව ඒ ටිකත් විකුණ විකුණ යන්නේ කොහාට ද? ජනතාව තවදුරටත් කබලෙන් ළිපට ඇද දාන්න තමයි මේ උත්සාහ කරන්නේ.”

දික්වැල්ලේ තිලකරත්න – ගාල්ල උතුර සමුහ