― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට අඳුරේ තැබීමට ජවිපෙ ගෙන ගිය කඩාකප්පල්කාරි විරෝධතාව බිඳවැටුණා

රට අඳුරේ තැබීමට ජවිපෙ ගෙන ගිය කඩාකප්පල්කාරි විරෝධතාව බිඳවැටුණා

ඇමැති ගාමිණී ලොකුගේ

පැය හැත්තෑ දෙකක් රට අඳුරේ තැබීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය කඩාකප්පල්කාරී විරෝධතාව බිඳවැටුණ බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) කොළඹ, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“අද ඉතා වැදගත් දවසක්. ජනතා විමුක්ති පෙරමුණ රජයට ලොකු අභියෝගයක් කළා. ඔවුන් මීට සතියකට පෙර කිව්වේ පැය 72කට විදුලිය කපා හරිනවා කියලා. ජෙනරේටරයක් දුවන්න බැරි තරමට තෙල් දීම නවත්වනවා කිව්වා.

රජය මේ අභියෝගයට නිහඬව සිටියා. නමුත් වැඩ කරන පන්තිය තීරණය කළා තවත් මේ වගේ රට විනාශ කරන්න ඉඩ දෙන්න බෑ කියලා. අද අපේ විදුලබල මණ්ඩලයේ සියලුම ඉංජිනේරු මහත්වරුන්, කාර්මික නිලධාරීන්, විදුලි අධිකාරිවරුන් සහ අනිකුත් සියලුම ශ්‍රේණිවල සේවකයන් සාමාන්‍ය පරිදි වැඩ කරනවා. විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන්නේ නෑ. විදුලිය පැය 24ම දෙන කාර්යභාරය විදුලිබල මණ්ඩලයේ සියලුම ශ්‍රේණි භාර ගෙන තිබෙනවා.

අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක්. ඒ නිසා අපි පැහැදිලිව අපේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සේවක මණ්ඩල මේ වෙලාවේ රටත් රජයත් ආරක්ෂා කර ගත යුතු අවස්ථාවක සිටිනවා. අද අපි කාටවත් තේරෙන්නේ නැති වුණාට ලෝකය ලොකු ආර්ථික අර්බුදයකට පත් වෙලා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැති ඇමැතිවරුත්, අපේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාව කොහොමද බේරාගන්නේ කියලයි. අද ඒ සටනේ තමයි අපි ඉන්නේ. සිමෙන්ති හිඟයක් තිබෙනවා. තෙල් මිල, කිරිපිටි මිල, ගෑස් මිල වැඩි වෙනවා. මේ හැම දෙයක්ම රජය කැමැත්තෙන් කරන දේවල් නොවෙයි. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වීම නිසා ඒකට මුහුණ දෙන්නයි අපි මේ මිල වැඩි කිරීම සිදු කරන්නේ.

සජිත් ප්‍රේමදාසට රට මොන තත්ත්වයේ තිබුණත් ප්‍රශ්නයක් නෑ. ඒ මහතා කරන්නේ රට විනාශ කරන්න උසිගන්වන එකයි. මේ වෙලාවේ උසිගන්වන එක නෙමෙයි කරන්න ඕනෙ. දැන් රට බේරාගෙන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ගෙන යන්නයි අවශ්‍ය වන්නේ.

යුගදනව් විදුලි බලාගාරයේ සියයට හතළිහක් අමෙරිකාවට දුන්නා කියලා ජනතා විමුක්ති පෙරමුණත්, අපේ සමහර උදවියත් විදුලිබල මණ්ඩලයම අමෙරිකාවට දුන්නා කියලා කෑගහනවා. විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනයෙන් සියයට පහකවත් බලයක් කෙරවලපිටිය බලාගාරයට නෑ. මේ බලාගාර ගැටලුව ඇති වුණේ 90 දශකයේදී තාප බලාගාර පෞද්ගලික අංශයට දීමෙන්. ඊට ප්‍රථම විදුලිය නිපදවීමත්, බෙදා හැරීමත් තනි අයිතිය තිබුණේ විදුලිබල මණ්ඩලයට. ඒ අනුව තමයි ඇඹිලිපිටිය, මාතර, සපුගස්කන්ද, කැලණිතිස්ස වගේ බලාගාර ඇති වුණේ. කැලණිතිස්ස බලාගාරය අමෙරිකානු සමාගමකට දුන්නා. කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය කරන එක සමාගමක් අමෙරිකානු සමාගමක්.

මේ වෘත්තිය සමිති කියන්නේ මුළු රටේම විදුලිය අමෙරිකාවට දුන්නා කියලා. එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. අපේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු මිලට ගන්නේ මෙරට සමාගමක්. ඒකෙ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව සහ විදුලි බල අමාත්‍යාංශය. ඒකෙන් තමයි පාලනය කරන්නේ තෙල් බෙදා හැරීම සහ විකිණීම. ඒ වගේම මිලයට ගැනීම්වලදී ලෝකයේ මිල ගනන් පිළිබඳව තීන්දු කරන්නේ ඒ ආකාරයටමයි. මේ හැම දෙයක්ම විවෘතව කරන්න පුළුවන් දේවල්. පසුගිය දවස් ටිකේම ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළේ අනෙක් වෘත්තීය සමිති එකතු කරගෙන රට අඳුරට ගෙන යන වැඩපිළිවෙළක් කරන්න. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ රට විනාශ කිරීමට මිසක් රට ගොඩ ගැනීමට නොවෙයි. මෙරට තිබෙන වැඩිම ට්‍රාන්ස්ෆෝමර් විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම්.”

නෙරංජලා වික්‍රමසිංහ