― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsඉදිරියේ දී කිසිම විදුලි කප්පාදුවක් නෑ

ඉදිරියේ දී කිසිම විදුලි කප්පාදුවක් නෑ

ඇමැති ගාමිණි ලොකුගේ

ජනතාවගේ බලාපොරොත්තු විපක්ෂය ඉටු කරන්නේ නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක

මින් ඉදිරියට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (8)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙසේ ද කීවේය.

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළා. අද මේ මොහොත වන විට ඒ අය වර්ජනය අවසන් කර පාර්ලිමේන්තුවට ඇවිත් සිටිනවා. ඒ වගේම කොවිඩ් අර්බුදය නිසා ලෝකයේ ආර්ථිකය විශාල අර්බුදයකට පත් වී තිබෙනවා. ලංකාවත් ඒකට බරපතළ ලෙස මුහුණ දෙන තත්වයකට පත් වී තිබෙනවා. ඒ එක්කම විදුලි අර්බුදය නිසා විශාල විදුලිය කඩා වැටීමකට ගිහින් යන්තම් ඒක සමතයකට පත් වී රටටම විදුලිය දෙන්න පුළුවන් තත්වයකට පත් වූණා.

කිසිම ප්‍රශ්නයක් නැතිව අඛණ්ඩව විදුලිය දෙන්න පෙරේදා (7) ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් වෘත්තිය සමිති සමඟ එකඟතාවකට පැමිණියා. මේ රජය පත්වන විට අප කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ මේ වගේ කොවිඩ් අර්බුදයක් මතුවෙයි කියා. අද මේ කොවිඩ් තත්වය නිසා ලෝකයේම ආර්ථික අර්බුදයක් ඇති වෙලා. නමුත් අප රජයක් හැටියට විවිධ ප්‍රශ්න පැමිණියත් ඒ හැම එකකටම මුහුණ දී කටයුතු කරනවා.

පොහොර ප්‍රශ්නයක් මතු වුණා. මේ වන විට කාබනික පොහොරත්, අනෙකුත් පොහොර දී සෑහෙන ප්‍රමාණයකට ප්‍රශ්නය සමතයකට පත් කර තිබෙනවා. ඒ එක්කම අපේ ප්‍රධාන විදුලි මාර්ගවල කඩා වැටීමක් ඇති වුණා. නමුත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු මැදිහත් වී එය සමතයකට පත්කරන්න අපට පුළුවන් කමක් ලැබුණා. නමුත් ගිය සතියේ දවල් කාලයේ බිඳ වැටුණා. විදුලිය යථා තත්ත්වයට පත් කරන්න අපට ටික කාලයක් ගියා. ඒ අපේ ගල් අඟුරු බලාගාරය නඩත්තු කටයුත්තකට නවත්වපු නිසායි. අද එය සම්පූර්ණ කර ස්ථිරසාරව බිඳ වැටීමකින් තොරව විදුලිය දෙන්න පුළුවන් තත්ත්වයට පත් කර තිබෙනවා.

අප රජයක් හැටියට විශේෂයෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා මේ සෑම අර්බුදයකටම මුහුණ දී විසඳන්න කටයුතු කරනවා. ඒ එක්කම අප අයවැය ලේඛනයෙන් මේ රටේ ව්‍යවසායකයන් නඟා සිටුවන්න විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර තිබෙනවා.

කොවිඩ් අභියෝගය සහ විපක්ෂය හිතාමතා ඇති කරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

මෙයින් අප බලාපොරොත්තු වන්නේ ආර්ථිකය කඩා වැටි සිටින ජනතාවට ශක්තිමත්ව ස්වයං රැකියා ආරම්භ කර කටයුතු කරන්න අවස්ථාව සැලසීමයි. අප මේ වගේ වැඩපිළිවෙළකට යන විට වගකිවයුතු විපක්ෂයක් හැටියට මේ අර්බුදයෙන් ප්‍රයෝජන ගන්න උත්සහ කරනවා මිස රටේ දියුණුව පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්නේ නැති එක ගැන කනගාටු වෙනවා.

මේ රට ගොඩගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් ශක්තියක් තිබෙනවා.‍ රාජපක්ෂවරු මේ රට ආරක්ෂා කළ නායකයන්. ඒ නිසා ලබන මැයි මාසය වන විට මේ සියලු අර්බුද සමථයකට පත් කරයි කියා අප විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා-

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතාමත්ම සාර්ථක අය-වැයක් මෙවර ඉදිරිපත් කරන්න කටයුතු කළා. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයට මුල් තැන දෙන, ග්‍රාමීය යටිතල පහසුකම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දෙන අය-වැයක් විදිහට මේ අය-වැය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් හඳුනාගත් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් අවධානය යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ කණ්ඩායම පසුගිය දින තුනක් තිස්සේ පාර්ලිමේන්තුව වර්ජනය කළා. අප පහුගිය කාලය තුළම දැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු තමන්ට වෙන් කරන කාලය තුළ පෞද්ගලිකව එක් එක් අයට මඩගහන්න පාවිච්චි කරනඅයුරුයි. ඒ නිසා රටේ ජනතාව අපේක්ෂා නොකරන දේවල් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් තුළින් අපට දකින්න පුළුවන් වුණා. ඒ නිසා අප ඒ ගැන කනගාටු වෙනවා. අද පාර්ලිමේන්තුවට මේ කණ්ඩායම පැමිණ සිටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂයේ භූමිකාවේ නොවුනත් එතුමා මන්ත්‍රීවරයෙක් විදිහට විපක්ෂයේ කාර්ය භාර්ය ඉෂ්ට කළා. ඉතින් හෙට දවසේ මේ පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තු වන, කාර්ය භාර්ය ක්‍රියාත්මක කළ යුතුයි.

නෙරංජලා වික්‍රමසිංහ