28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාරිභෝගිකයා රකින්න තිබෙන ආයතනය සමාගම් රැකීමේ තැනට වැටිලා

පාරිභෝගිකයා රකින්න තිබෙන ආයතනය සමාගම් රැකීමේ තැනට වැටිලා

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද, එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය දැයි ප්‍රශ්නයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ත ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ඉදි කරනු ලැබූ දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (8) එක් වෙමිනි. පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැක ගැනීමේ තැනට පත්ව ඇති අතර, පාරිභෝගික සේවා කටයුතු ඇමැතිවරයා සමාගම් සේවා කටයුතු ඇමැතිවරයා බවට පත්ව ඇති බවද විපක්ෂ නායකවරයා කීවේය. පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458කට වැඩි ප්‍රමාණයක් වී ඇති බව එහිදී පැවසූ විපක්ෂ නායකවරයා ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර ඇමැතිවරයා පැවසීම හාස්‍යයක් යැයිද කීය.

පහන් විජේසේකර