― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsLocalජනතා විමුක්ති පෙරමුණ සමගිජන බලවේගය එක්සත් ජාතික පක්ෂය කියන විදිහට IMF එකට...

ජනතා විමුක්ති පෙරමුණ සමගිජන බලවේගය එක්සත් ජාතික පක්ෂය කියන විදිහට IMF එකට ගිහිල්ලා ණය ගත්තට ප්‍රශ්ණය විසදන්න බෑ

ජනතා විමුක්ති පෙරමුණ සමගිජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන ආකාරයට IMF එකට ගිහිල්ලා ණය ගත්තට ලංකාව මුහුණ දීලා තියන මුල්‍ය අර්බුදයට විසදුම් ලබාගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

අද 13 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන ආර්ථික අර්බුදයක් එක්ක ආණ්ඩුව යම් තීරණාත්මක හැරවුමකට ලෑස්ති වෙනවා.
 රටේ කේන්ද්‍රීය සාකච්ඡාවක් බවට පත්වෙලා තියෙනවා ඩොලර් හිගය සම්බන්ධ ප්‍රශ්නය .
 පහුගිය අවුරුදු 40 ක කාලය පුරා රැගෙන ආපු ප්‍රතිපත්තිය පහුගිය අවුරුදු 10 15 කාලය තුළ ගත් සමහර ක්‍රියාමාර්ග කිසිම ආකාරයක ඉදිරි දැක්මක් නැතිව කරගෙන ආපු මූල්‍ය ක්‍රියාවලියක් නිසා අද අපි මෙතැනට ඇවිල්ලා ඉන්නවා.
 හැත්ත හතේ විවෘත ආර්ථිකය ආරම්භ කරනකොට හිටපු පාලකයෝ මේ දේශපාලන පක්ෂ දෙකේම අය අඩු වැඩි වශයෙන් මේ විවෘත ආර්ථිකයට ආ වැඩුවා.
1994 පොදුජන එක්සත් පෙරමුණ විවෘත ආර්ථිකය පිළිගත්තා. හැත්තෑපහේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක  තමයි මේ ප්‍රතිපත්තිය මුලින්ම සාකච්ඡා කළේ .
 මේ හරහා ඍජු විදේශීය ආයෝජන ලබා ගන්න පුළුවන් කියලා කිව්ව නමුත් අද වෙනකොට දන්නවා ගෙවිච්ච අවුරුදු 40 ඇතුළත ආසියානු කලාපයේ අඩුම ඍජු විදේශීය ආයෝජන ආපු රටක් විදිහට ලංකාව මේ වන විට ස්ථානගත වෙලා තියෙනවා.
 යටිතල පහසුකම් ගැන කියමින් විශාල වශයෙන් ණය ගත්තා. 2009 යෙන් 2010 පස්සෙ රාජපක්ෂ පාලනය කිසිම ආකාරයක පසු විපරමක් නැතිව ක්‍රියාත්මක කරපු විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් තියෙනවා.
 හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල නෙළුම් කුළුණ වරාය නගර ව්‍යාපෘතිය  අධිවේගී මාර්ග. මේ කිසිම එකක ප්‍රමුඛතා අනුපිළිවෙළක් නැතිව ඵලදායිතාව සම්බන්ධ කිසිම ඇගයීමක් නැතිව රට ඉස්සරහ පිට රාජපක්ෂ ප්‍රතිරූපය පුම්බන්න.
 මේ මිල දැන් අපිට ගෙවන්න ඇවිල්ල තියනවා
 දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි දිගින් දිගටම මේක සාකච්ඡා කළා.
 2019 අවසානයේ ලෝක බැංකුව පැහැදිලිවම ප්‍රකාශ කළා 2020 ආරම්භ වෙනවා කියලා ලෝක ඉතිහාසයේ හතරවෙනි විශාලතම මූල්‍ය අර්බුදය.
 දැන් ආර්ථිකයට රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.


 මූල්‍ය අරමුදල මීට කලින් මේ රටේ ජනතාවට දීපු කොන්දේසි කවුරුත් දන්නවා. මූල්‍ය අරමුදල කියන්නේ ඕකට ගියයින් පස්සේ අයවැය හිඟය අඩු කරන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප කපන්න.
 අධ්‍යාපනය සඳහා සෞඛ්‍ය සඳහා වෙන්කරන මුදල කප්පාදු කරන්න. මේවා තමා මූල්‍ය අරමුදල දාන කොන්දේසි


 මේ පාර මූල්‍ය අරමුදලට යන්න කියලා පදය ගහන්නේ සමගි ජන බලවේගය, ඒකට දැන් අන්තිමට අඩව් අල්ලන්න ලෑස්ති වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපි දැක්කා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියනවා දැන් ඉතින් කරන්න දෙයක් නෑ අයි එම්එෆ්   එ කට යන්න කියලා
 මේ ආණ්ඩුව අයි එම් එෆ් එකට නොගිහින් ඉ න්න අමුතු දේශප්‍රේමයක් මේගොල්ලන්ගේ නැහැ.
 මේ ගොල්ලන්ගෙ තවර ගත්තු දේශප්‍රේමයක් තියෙන්නේ.


 ලබන සතියේ වෙන්න පුළුවන් ලබන මාසේ වෙන්න පුළුවන් මේගොල්ලෝ අනිවාර්යෙන් අයි එම්එ ෆ් එකට යනවා.


 මේ පාර අයි එම් එෆ්එ කට යන්නේ විපක්ෂයේ කට වහලා.

https://www.facebook.com/frontlinesocialist/videos/854856408518219