28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාර නඩුවේ තුන්වන සාක්කිකරුගේ සාක්කි කැදවා නෑ ?

පාස්කු ප්‍රහාර නඩුවේ තුන්වන සාක්කිකරුගේ සාක්කි කැදවා නෑ ?

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තුන්වන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපතිවරයා විසින් අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ට දැනුම් දී තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම්දී ඇත.

අදාළ නඩු විභාගය ජනවාරි මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.