විදේශ සංචිත අර්බුදයෙන් රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ රටවල විදේශ සංචිතවල ඉහළ වර්ධනයක් තිබුණ ද ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් කඩා වැටීමකට ලක්ව රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් හෙතෙම පැවසීය.
වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ වෘත්තීයවේදීන් පිරිසක් සමඟ කොළඹදී ඊයේ (15) පැවති විශේෂ සාකච්ඡාවකදීය. මේ ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි ජාතික ප්‍රතිපත්තියක් මෙන්ම විදේශ ප්‍රතිපත්තියක් ද නැති බව කී ඒ මහතා මේ නිසාම අද රට අර්බුද ගණනාවකට මුහුණ පා සිටින බව ද කීවේය.
අද රට මුහුණ පා තිබෙන මේ ප්‍රශ්න විසඳීමට හැකි ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තිබෙන රට වෙනුවෙන් වැඩ කර පෙන්වා තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද හෙතෙම කීවේය.
ශිරෝමි අබයසිංහ