31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඇන්ටිජන්වලට කළුතරට ගෙනා සිරකරුගේ ගුදමාර්ගයේ කුඩු පැකට් 46ක් සහ දුම්කොළ 6ක්

ඇන්ටිජන්වලට කළුතරට ගෙනා සිරකරුගේ ගුදමාර්ගයේ කුඩු පැකට් 46ක් සහ දුම්කොළ 6ක්

ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා කළුතර බන්ධනාගාර රෝහලට රැගෙන ආ සිරකරුවකු සිය ගුදමාර්ගයේ සඟවා ගෙන සිටි හෙරෝයින් මත්ද්‍රව්‍ය පැකට් 46ක් සහ දුම්කොළ 6ක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරේදා (16) සමත්වී තිබේ.

මේ සිරකරු බන්ධනාගාර රෝහලේ වැසිකිළිය තුළට ගොස් තම ගුදමාර්ගයේ සඟවා ගෙන සිටි මේ ද්‍රව්‍ය ඉන් පිටතට ගැනීමට තැත් කළ අවස්ථාවේදී සිරකරු පිළිබඳ විමසිල්ලෙන් සිටි බන්ධනාගාර කාර්යභාර නිලධාරියා මේ පුද්ගලයාව අතුඅඩංගුවට ගෙන ඇත.

ගංජා ග්‍රෑම් 20ක් සන්තකයේ තබා ගත් වරදට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දඬුවම් නියම කළ සිරකරුවකු මෙසේ තහනම් ද්‍රව්‍ය සඟවාගෙන පැමිණ ඇති අතර, අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිසියට භාර දුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියයි.

බුද්ධිකා ඉඹුලාන