29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalගුරු විදුහල්පති සංගම් යලි සටනට සුදානම්

ගුරු විදුහල්පති සංගම් යලි සටනට සුදානම්

ගුරු විදුහල්පති වෘත්තීය ගැටලුවලට රජයෙන් දුන් විසදුම්වලට අදාල චක්‍රලේඛ ජනවාරි 5 වනදාට පෙර නිකුත් නොකළහොත් යළි අරගලය ආරම්භ කිරීමට සිදුවන බවට ලංකා ගුරු සේවා සංගමය අනතුරු අගවනවා.

සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (19) පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය සාමාජිකයින් අමතමින් මේ බව සදහන් කළා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති යළිත් සටන් මගට කැදවනවාද නැද්ද යන තීරණය රජය සතු බවයි මහින්ද ජයසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ.