― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalඑක්ස්ප්‍රස් පර්ල් නැවේ විෂ ද්‍රව්‍ය ලංකාවේ වළ දැමීමේ සූදානමක්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ විෂ ද්‍රව්‍ය ලංකාවේ වළ දැමීමේ සූදානමක්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ විෂ ද්‍රව්‍ය ලංකාවේ වළ දැමීමේ සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 20 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ විෂ ද්‍රව්‍ය වත්තල මීගමු පාරේ අංක 58 දරන ස්ථානයට ගෙන එමින් තියෙන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

මීට මාස 7කට කලින් මැයි මාසේ විසි වෙනි දා ලංකාවට අයිති මුහුදේදි එක්ස්ප්‍රස් පර්ල් නැමැති නෞකාව ගිනි ගත්තා.
ඒ නැව තමන්ගේ වරායවල් වලට ඇතුල් කරගැනීම කටාර් රාජ්‍යය සහ ඉන්දියාවේ තියෙන වරායවල් ප්‍රතික්ෂේප කරලා තියෙද්දි ගිනි ගැනීමේ අවධානමට ලක් වෙලා තියෙන නැවක් ලංකාව ඇතුළට ඇතුළු කරගන්න ඉඩ දුන්නේ ඇයි කියන ප්‍රශ්නය මුලින්ම තිබුණා

ලංකාවේ වරාය සීමාවට ඇතුල් කර ගත්තත් කොළඹ වරායට එන්න දුන්නේ ඇයි කොළඹ වරායේ දී ගිනි ගැනීමක් හෝ පිපිරීමක් සිද්ධ වුණා නම් විශාල විනාශයක් වෙලා වරායට ම හානි වෙන්න ඉඩ තිබුණ ඒකට ඉඩ දුන්නේ ඇයි කියන ප්‍රශ්නය තිබුණා

නැව ගිනි ගන්න පටන් ගත්තෙ මැයි 20 නැව ගිනි ගන්න එක ආරම්භ වුන වෙලාවේ ඇයි ගින්න නිවීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් අනෙකුත් රටවලින් ගත්තෙ නැත්තෙ ඇයි ඉන්දියාවෙන් වත් දවස් පහක් යනකම් උදව් ඉල්ලුවේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අවා.

මේ නැව ගිනි ගැනීම නිසා විශාල හානියක් වුණා ඒ හානිය වෙද්දිත් ඒකට අදාල අවම ක්‍රියාමාර්ග වත් ගත්තේ නෑ.

සාමාන්‍යයෙන් නැවක් ගිනි ගන්න කොට නැවේ ටැංකිවල තෙල් හිස් කරනවා. ඒක පවා මේකෙ කළේ නෑ..

නැවේ තෙල් කාන්දුවට අවශ්‍ය කරන බං ක භූම්ගෙන්නන එක පවා ඉන්දියාවෙන් ප්‍රමාද වුණා.

ලංකාවේ සාගරයට විශාල පරිසර හානියක් සිද්ධ වුණා.

කැස්බෑවෝ සිය ගණන් මැරිල වෙරළට ගොඩ ගහන්න පටන් ගත්තා. ආරංචි විදිහට කැස්බෑවො දාහක්වත් මැරෙන්න ඇති කියලා කියන්නේ වෙරළට ගොඩ ගහන්නේ පහෙන් එකක ප්‍රමාණයක්.

ධීවර කර්මාන්තය විශාල අවධානමකට ලක් වුණා. ධීවරයෝ මුහුදු ගියාම දැල් ආම්පන්න විනාශ වුණා මාස ගණනාවක් මුහුදු යන්න බැරි වුණා. ඒ නැවේ තිබුණු ප්ලාස්ටික් බෝල වෙරළට ගහගෙන ඇවිල්ල වෙරළ විශාල වශයෙන් දූෂණය වුණා.

මේකට වන්දි ගන්න පවා නිසි පරිදී කටයුතු කළේ නැ ..

නැව අත්අඩංගුවට ගැනීම සහ ලංකාවට පවරා ගැනීම කළේ නෑ. ඒ පළවෙනි නීතිමය කටයුත්ත කළේ නෑ.
දෙවෙනි එක තමයි මේකට අදාල සාක්ෂි එකතු කළේ නෑ. නැවේ තිබුණු රසායන ද්‍රව්‍ය මොනාද කියල මේ වෙනකල් දන්නේ නෑ.

මුහුදට සිදුවෙලා තියෙන හානිය සම්බන්ධ මේ වෙනකල් කිසිදු සාක්ෂි දත්ත එකතු කිරීමක් සිද්ධ වෙලා නෑ. මේ දැන් තමා පරිසර හානිය ගැන වාර්තාව ඉවර කරල තියෙන්නෙ ඒක පවා අසම්පූර්ණයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නෙමෙයි ඒ වාර්තා සකස් කරලා තියෙන්නේ.

මේ හානියට අදාල තක්සේරුවක් ගත යුතුව තිබුණා ඒක පවා හරියට සකස් කරලා නෑ. ඇත්තටම තිබුණේ ඩොලර් මිලියන 40ක අන්තර් ගෙවීමක් ඉල්ලුවා. ඒකෙනුත් ඩොලර් මිලියන 3.7 ලැබුණේ

ව න්දි ලැබුනෙත් නෑ පරිසරයක් විනාශවෙලා
මීට මාස 7කට කලින් ගිනිගත්ත නැවට අදාල ඉතාම බරපතළ ගණයේ සිදුවීම් ප්‍රමාණයක්දැන් සිද්ධ වෙමින් යනවා.

මේ නැවේ තිබුණු විෂ ද්‍රව්‍ය සහිත බහාලුම්, ලංකාව ඇතුළට ගෙන ඒම සඳහා උත්සාහයක් දියත් වෙමින් තියෙනවා.

මේ නැව ගිලෙද්දි ම කළ යුතු දෙයක් තමයි නැවේ තිබුණු කන්ටේනර් ඉවත් කරගන්න එක. එතකොට සාමාන්‍යයෙන් නැව ඉබේම උඩට එනවා. එතකොට ඒක ඇදගෙන යනවා ගැඹුරු මුහුදට නැව් කපන තැනකට. සාමාන්‍යයෙන් කෙරෙන්නේ එහෙම.

පළමුවෙන්ම කළ යුතු දෙයක් තමයි නෑ වගේ තියෙන කන්ටේනර් ඉවත් කරලා නැව මුහුද උඩ ඉලිප්පෙන්න සලස්වලා නැව ඇදගෙන යන එක අන්තරාදායක නොවන ප්‍රදේශයකට.

මේ වෙන කල්ඒ කට පියවරක් ගත්තෙ නෑ.

නැව ඇතුලෙ තියෙන කන්ටේනර් ඔක්කොම පැත්තකින් තියල පැත්තකට වැටිච්ච කන්ටේනර් ටික ගොඩ ගැනීම සඳහා රිසොල් මැ රායන් කියන සිංගප්පූරු සමාගමට ටෙන්ඩර් එකක් දීලා තියෙනවා.

සිංගප්පූරුවට මේ ටෙන්ඩර් එක දෙන්නේ ලංකාවේ රජය නෙමෙයි නැවට අදාළ නීතිමය කටයුතු නොකරපු නිසා ලංකාවේ රජයට කිසිම බලයක් නෑ මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න.

නැව් සමාගම තමයි මේක තීරණය කරලා තියෙන්නේ.
නැව ඇතුලෙ තියෙන කන්ටේනර් ඉවත් කර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නෑ.

අපිට තියෙන ඉතාම විශ්වාසනීය තොරතුරු වලට අනුව ඒගොල්ලන්ගෙ දැනට සැලැස්ම තියෙන්නෙ නැව ඇතුලෙ තියෙන කන්ටේනර එලෙසම තියෙද්දි නැව කැබලි කරන්න.

සාමාන්‍යයෙන් මුහුද යට තියෙද්දි නැව් කපන්නේ නෑ විශාල පරිසර විනාශයක් සිද්ධ විය හැකි නිසා.

මේක පිටිපස්සේ විශාල ජාවාරමක් තියෙනවා. ලංකාවේ දේශීය නියෝජිත සමාගමක් එන් එන් වයි මැරායන් සර්විස් කියලා ලංකාවේ සමාගම මැදිහත් වෙලා මේ කන්ටේනර ලංකාව ඇතුළට ගෙන ඒමේ පිඹුරුපත් සකස් කරමින් තියෙනවා.

මේ සමාගමට විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කිසිදු පහසුකමක් හරි ඒකට අදාල බලපත්‍රයක් හරි නෑ. ඒගොල්ලන්ට තියෙන්නේ නැව් වලින් තෙල් අරගෙන ගබඩා කරන බලපත්‍රයක් විතරයි තියෙන්නේ..

මේ සමාගමේ ඉඩමක් තියෙනවා අංක 58 මීගමුව පාර වත්තල කියන ලිපිනයේ. අන්න ඒ ඉඩමේ මෙන්න මේ කියන අපද්‍රව්‍ය ගොඩ ගහන්න සූදානමින් ඉන්නවා.

ඒකට අදාල ඒකකයක් හදනවා කියල මේ සමාගම කියනවා මේ සමාගමට ඒකට සල්ලි කෝ
ඒකට අදාළ ඒකකය හැදීමට ඇයි මේ සමාගමට සල්ලි දෙන්නේ ඇයි ඒක සඳහා රජය මැදිහත් නොවෙන්නේ.

මේක බැලුවට පස්සේ පැහැදිලි ලෙස පේන්නේ මේක ඇතුලෙ රක්ෂණ මුදල් වංචාවක් බරපතළ ලෙස සිද්ධ වෙමින් යනවා කියලා.
මේ ස්ථානයේ අදාල පාරිසරික වශයෙන් හානිකර ද්‍රව්‍ය ගොඩබෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හේමන්ත ජයසිංහ ගේ අත්සනින් යුතුව ඔක්තෝම්බර් මාසේ විසි නම වෙනිදා ලිපියක් නිකුත් කරලා තියෙනවා මේ අහිතකර රසායන ද්‍රව්‍ය ගොඩබිමට ගෙනැල්ලා වල දාන්න.

මේ අහිතකර රසායන ද්‍රව්‍ය මොනවාද.

මේ තියෙන අයි ටොෆ් ලේඛණයේ මේකේ හත් වැනි පිටුවේ නිශ්චිත ව සඳහන් වෙලා තියෙනවා පරිසරයට ඉතාම බරපතළ ලෙස හානිකර රසායන ද්‍රව්‍ය වර්ග පහළොවක් අඩංගුයි කියලා මේ කන්ටේනර ඇතුලේ

මේ තියෙන්නෙ නැවේ බ්ලේ ප්ලෑන් එක කොහොමද මේ කන්ටේනර නැව ඇතුලේ ගබඩා කරල තියෙන විදිය මේකේ තියෙන්නේ

නිල් පාටින් බැලුවට පස්සේ මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් පරිසරයට හානිකර නොවන කන්ටේනර රතු පාටින් තියෙන්නෙ පරිසරයට ඉතා ම හානිකර භයානක අවදානම්කාරී රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනර.

මේ ප්ලෑන් එකට අනුව මේකෙ තියෙන කන්ටේනර ගණන් කෙරුවට පස්සේ කන්ටේනර 85ක් රතු පාටින් ලකුණු කරලා තියෙනවා.

පරිසරයට අතිශයින් විෂ සහිත හානිකර රසායන ද්‍රව්‍ය වර්ග පහලවක් සහිත බහාලුම් 85ක් මේ නැව ඇතුලෙ තියෙනවා.
මේකට අදාළ කාගෝ මැනුයුෆැක්ටර් එකට අනුව මෙට්‍රික් ටොන් දහයක් විෂ සහිත රසායන ද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් දහයක් තියෙනවා කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.

මේ විෂ සහිත රසායන ද්‍රව්‍ය මොනවාද

මධ්‍යම පරිසර අධිකාරිය ම මැදිහත් වෙලා මේකට අදාලව කරපු පරීක්ෂණයක් සහ පරීක්ෂණයට අදාල වාර්තාවක් තියෙනවා මෙන්න මේ පරීක්ෂණ වාර්තාවට අනුව මේකෙ යූරියා මෙට්ට්‍රික් ටොන් 1845ක්‍ තියෙනවා.

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙට්‍රික් ටොන් 1200ක්‍ තියෙනව. කෙමිකල් කම්පවුන්ඩ් කියලා තියෙනවා මොනවද ඒ රසායන ද්‍රව්‍ය කියලා දන්නේ නෑ ඒ රසායන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 160ක්‍ තියෙනවා.

සෝඩියම් මෙතිලේට් මෙට්ට්‍රික් ටොන් පනස් හතක් තියෙනවා. ප්ලාස්ටික් සහ පොලිතීන් මූල ද්‍රව්‍ය වර්ග මෙට්‍රික් ටොන් 12000ක්‍ තියෙනවා මේ නැවේ.

ඒ මෙට්ට්‍රික් ටොන් 12000 අතර තියෙනවා හිපොක් සී රෙසින් කියන ප්ලාස්ටික් වර්ග ඒක උග්‍ර පිළිකා කාරකයක්‍.

ඒක සාගරයට මුසු වීම පරිසරයට මුසුවීම ඉතාම බරපතල ප්‍රතිවිපාක අත්පත් කර දෙනවා. ඊයම් ලෙඩ්මෙට්‍රික් ටොන් 200 ක් පමණ මේකේ අඩංගු යි කියලා මේ වාර්තා වල සදහන් වෙලා තියෙනවා.
මේවා මහ පොළවේ ව ල දාන්න ගත්තට පස්සේ මහපොළොවට දැවැන්ත හානියක් වෙනවා
ඔක්තෝම්බර් මාසේ විසි නම වෙනිදා හේමන්ත ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ පරිසර විනාශය කරන්න අවසරය ලබා දෙන්නේ දින කීපයක් ඇතුලේ.

මේකෙ දිනය දාල තියෙන්නෙ නොවැම්බර් මාසේ දෙවැනි දා ඉල්ලූම්පතේ මේකට අදාළ ඉල්ලීම මේගොල්ලෝ කළේ නොවැම්බර් මාසේ 17 වැනිදා මේක ඉල්ලලා සතියක් ඇතුළත නොවැම්බර් මාසේ විසි තුන්වෙනිදා මධ්යම පරිසර අධිකාරිය මේකට අදාළ පරිසර තක්සේරුවක් නිකුත් කළා. මේවා විශ්වාස කරන්න පුලුවන්ද.

මෙතන ඉතාම බරපතළ ලෙස හානිකර රසායන ද්‍රව්‍ය ඒවා ප්‍රවාහනය කරන්න ඒව මේ ඉඩමේ ගබඩා කරන්න කොහොමද මේ අවසරය ලබා දුන්නේ.

ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය තමයි රිසෝල් මැ රායන් කියන සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිතයා විදිහට වැඩ කරන එන් එන් වයි මැ රායන් සර්විසස් කියන සමාගම මේ සමාගම තමයි මීට කලින් 2017 අප්‍රියෙල් මාසෙදි එම් එස් සී ඩැනිය ලා කියන නැව ගිනි ගත්ත වෙලාවේ ඒකෙ තියෙන රසායන ද්‍රව්‍ය ටිකත් ලංකාවට අරගෙන ආවේ.

ඒකෙ තිබුණෙ කොන්ඩිස් පොටෑසියම් පර් මැ න් ග නේ ට් සහ අර සමහර රූපලාවන්‍ය ද්‍රව්‍ය තමයි ඒකේ තිබුනේ. මේ සමාගමේ හිමිකරුවා වෙනත් සමාගමක නමින් තමයි ඒක කළේ. එකම හිමිකරුවාගේ නමින් සමාගම් කීපයක් ලියා පදිංචි කරල විෂ ද්‍රව්‍ය ලංකාවට ගේන එක වෙනවා.

වත්තල මීගමු පාරේ අංක 58 දරන ස්ථානයට මේ විස අපද්‍රව්‍ය ගෙන එමින් තියෙනවා. දැනට වාර්තා වෙලා තියෙන විදිහට පුත්තලම අරුවක්කාරු වල තියෙන හුණු ගල් වලවල් වල වල දාන්න නියමිතව තියෙනවා.

මේවා නිශ්චිතවම භූගත ජලයට එකතු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් පටන් ගන්න භූගත ජල ස්ථරය මන්නාරම හරහා යාපනය දක්වා ම එකම භූගත ජල ස්තරයක් තියෙන්නේ
ලංකාවේ මුළු උතුරුකරයම විශාල වශයෙන් ජල දූෂණයකට ලක් වෙන්න නියමිතයි.

කර්මාන්ත දාහක විතර තියෙන විෂ රසායන ද්‍රව්‍ය පුත්තලම හොල්සිම් සමාගමට ලබා දෙනවා ඒගොල්ලො ඒවා පුච්චලා සිමෙන්ති සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. මේ ටික ගන්න ධාරිතාවක් එතැන නැහැ.

මේ කියන විදියට මෙට්ට්‍රික් ටොන් දහයකට වඩා තියෙනවා විෂ අපද්‍රව්‍ය ඒවා එතනට ගත්තොත් එහෙම හර කර්මාන්ත දාහේ ඒවා ඒ කර්මාන්ත තියෙන ස්ථානවලම වල දාන්න ඉඩ තියෙනවා

කොහෙන් ගියත් මේ ප්‍රශ්නය පරිසරයට බරපතළ විදිහට එනවා. මුහුද විනාශ කළා මීට මාස හතකට කලින් නාලක ගොඩහේවා ඇවිල්ල කිව්වේ සත්තු මැරෙන්නේ වාරකං වලට කියලා, කෙහෙළිය රඹුක්වැල්ල ඇවිල්ල කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ මේකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඔක්කොම අරගෙන තියෙන්නෙ කියලා. නමුත් දැන් මාස හතකට පස්සේ පේනවා කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ

මේ විනාශය ලංකාවට කරපු නිලධාරීන් සහ දේශපාලඥයන් සම්බන්ධ මේ වන තුරු විනය පරීක්ෂණයක් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.
මේ තියෙන රසායන ද්‍රව්‍ය ටික ගෙනල්ලා පොළවේ වල දාන්න යනවා. මුහුද දූෂණය කළා මදිවට පොළොව දූෂණය කරලා භූගත ජල ස්ථරයත්දූ ෂණය කරන්න යනවා

අපි බල කරනවා මේක ලංකාවට ගෙන ඒම වහාම නතර කළ යුතුයි. මේ සම්බන්ධ රජය පැහැදිලි කිරීමක් කළ යුතුයි.