31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපැයකට වරක් ගෑස් පිපිරීමක්

පැයකට වරක් ගෑස් පිපිරීමක්

ඊයේ (19 වැනිදා) පෙරවරු 06.00න් අවසන් වූ පැය විසි හතරක කාලයේ දී සෑම පැයකටම එක් ගෑස් පිපිරීමක් වශයෙන් දිවයින පුරා පිපිරීම් 23 ක් වාර්තා වී තිබේ.

නෙඩුන්කේනි, තිස්සමහාරාම, බෙරලිගල, අගලවත්ත සහ පිටිගල ඇතුළු ප්‍රදේශ ගණනාවකින් මෙම සිදුවීම් වාර්තා වී තිබේ.

නොවැම්බර් 1 වැනිදා සිට ඊයේ දක්වා දින 48 ක කාලයකදී ගෑස් සම්බන්ධ සිද්ධීන් 815ක් පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මෙම සිද්ධීන් විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් ඉන් සියයට 95ක් පමණ ගෑස් ළිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කීවේය.
අගලවත්ත, මුලටියන ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරය හා ගෑස් ළිප අතර සම්බන්ධ කර ඇති නළයක් පුපරායාමෙන් ඇතිවූ ගිනිගැනීමකින් 51 හැවිරිදි කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම පිපිරීම සිදුව ඇත්තේ පෙරේදා (18 වැනිදා) පෙරවරු 06.45ට පමණය. අදාළ කාන්තාවගේ පාද දෙකේම දණහිසෙන් පහළ කොටස තුවාල වී වෑත්තෑව රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිනිගැනීම් හා සිදුවීම් සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව අද (20 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙන බව එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ පැවසීය.

එෆ්.අස්ලම්
මාධව කුලසූරිය – වව්නියාව
ඒ.ඒ. ප්‍රේමසිරි – තිස්සමහාරාම
ධනුෂ්ක ලංකා නානායක්කාර – අගලවත්ත