25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපීබී ඉවත් කර 'ජනාධිපති ලේකම් පුටුව දීමට' නම් හතරක්

පීබී ඉවත් කර ‘ජනාධිපති ලේකම් පුටුව දීමට’ නම් හතරක්

ජනාධිපති ලේකම් තනතුර සඳහා පුද්ගලයන් කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇති අතර වඩාත්ම ආසන්න වී සිටින පුද්ගලයා ලෙස සැලකෙන්නේ එස්. අමරසේකර මහතා බව වාර්තා වනවා.

අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ‌මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ අතර අද දින ඒ මහතා දිවයිනට පැමිණීමට නියමිතයි.

කෙසේවෙතත් එම තනතුර සදහා හමුදා නිලධාරියකුගේ නමද මේ වනවිට යෝජනාවක් වශයෙන් ඉදිරිපත්ව තිබෙනවා.

එමෙන්ම කොළඹ දිසා ‌ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ප්‍රදීප් යසරත්න මහතාගේ නමද, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතාගේ නමද ඊට යෝජනා වී තිබුණා.

කෙසේවෙතත් දැනට එම ධූරයේ කටයුතු කරන පී.බී. ජයසුන්දර මහතා තවදුරටත් එම තනතුරේ තබන ලෙස දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවද වාර්තා වනවා.