26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු CID ලොක්කා සී.අයි.ඩී යට කැඳවයි

හිටපු CID ලොක්කා සී.අයි.ඩී යට කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) කැඳවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාස්කු ප්‍රහාරය සිදුවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ රවී සෙනෙවිරත්නය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරට යොමු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අනතුරු ඇගයීමේ තොරතුර යොමු කළ නිලධාරීන් සිව් දෙනා අතර රවී සෙනෙවිරත්න ද වේ.