― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalතුන්වේල කන්න බැරි මට්ටමට ජනතාව වැටිලා

තුන්වේල කන්න බැරි මට්ටමට ජනතාව වැටිලා

ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාව කබලෙන් ලිපට වැටීමක් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

 පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමක් සිද්ධ වෙලා තියෙනවා. ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්  භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ මිල ඉහළ දැමීම සිද්ධ වුනේ ජනතාව නිදාගෙන ඉද්දි මධ්‍යම රාත්‍රියේ දී.
 හරියට මධ්‍යම රාත්‍රියේ දී කෙරවලපිටිය බලාගාරයට අදාළ ගිවිසුම අත්සන් කළා වගේ දැන් ඉන්ධන මිල ඉහළ දැමීම සිද්ධ වෙන්නෙත් මේ විදිහටම මධ්‍යම රාත්‍රියේදී. අපි කලින් නං අහල තියෙන්නෙ නත්තල් කාලෙට මධ්‍යම රාත්‍රියේ දී ගෙවල්වල චිමිනියෙන්  බැහැලා ඇවිල්ලා තෑගි දෙනවා කියලා නත්තල් සීයා. නත්තල ආසන්නේ මධ්‍යම රාත්‍රියේ ගෙවල් වල චිමිනි යෙන් පල්ලෙහාට  ඇවිල්ලා ජනතාවට මේ අගනා තෑගි දෙමින් ඉන්නවා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාව කබලෙන් ලිපට වැටීමක්. මේ වනවිට සියලු දේවල් වල මිල ඉහළ ගිහිල්ලා. මේ මධ්‍යයේ ඉන්ධන මිල ඉහළ දාපු ගමන් ඉන්ධන මිල විසින් අනිකුත් සියලූ දේවල් වල මිල ඉහළ යනවා. ප්‍රවාහන ගාස්තු ඉහළ යන්න නියමිතව තියෙනවා.


 ජනතාවට ජීවත්වීම අසීරු තත්වයකට පත් වෙනවා. මේ ඉන්ධන මිල ඉහළ දැම්මෙ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය නිසා නෙමෙයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටෙමින් තියෙන්නේ.


 ඔක්තෝම්බර් මාසේ විසි වෙනිදා වන විට තෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වගේ තිබුනේ අද උදෑසන වන විට ඒක ඩොලර් හැට නමයක් හැත්තෑවක් වගේ  ආසන්නයට ඇවිල්ලා.
 සාමාන්‍යයෙන් සීත කාලයට ඉන්ධන මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඩොලර් 80 ක මිල වෙනවා ඔක්තෝම්බර් නොවැම්බර් දෙසැම්බර් මාස වල බොරතෙල් බැරලයක මිල.
 නමුත් මේ වන විට ඒක පහත වැටිලා තියෙනවා. ලෝක වෙළඳපළේ තෙල් මිල මාස එක හමාරක වගේ කාලයක් ඇතුලත සීයට දාහතකින් පහත වැටෙද්දී ලංකාවේ තෙල් මිල ඉහළ ගිහිල්ලා.
 කලින් වතාවෙ තෙල් මිල ඉහළ දමද්දී ආණ්ඩුව කිව්වේ ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ යනව ඒ නිසා ලංකාවේ මිල ඉහළ දාන්න වෙනවා කියලා.


 ඊට කලින් ආණ්ඩුව කිව්ව ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටෙන වෙලාවේ තෙල් මිල පහත නොදමා සැමන් වලයි පරිප්පු වලයි මිල අඩු කරන්නම් ඉන්ධන මිල පහත වැටීම නිසා ඉතිරිවන මුදල ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලකට දාලා මිල වැඩිවෙන වෙලාවල් වල මිල වැඩි නොකර ඉන්නම් කියලා.


 ආණ්ඩුව ඒ පොරොන්දුව කඩකරමින් ගිය වතාව ඉන්ධන මිල ඉහළ දැම්මා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියා කියලා.


 මේ වතාවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටෙමින් තියෙද්දි ලංකාවේ ඉන්ධන මිල ඉහළ දාලා තියෙනවා.

 තවදුරටත් මේ බදු බර බඩු මිල දරන්න බෑ ජනතාවට. තුන්වේල කන්න බැරි මට්ටමට ජනතාව වැටිලා. මේ ප්‍රශ්නය දේශපාලන වශයෙන් සංවිධානය කරන්න දේශපාලන විරෝධයක් ගොඩ නඟන්න අපි මැදිහත් වෙමින් ඉන්නවා. ජනතාවගෙන් අපි ඉල්ලනවා මේවා ඉස්සරහ නිහඬව බලා සිටින්නේ නැතුව මේවට එරෙහි විරෝධය දක්වන්න මීට එරෙහි ජන බලයකින් යමක්ක රන්න කියලා.