27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalදැන් සැපද.. ? සෞභාග්‍යයේ දැක්මෙන් වැඩිවුණු තෙල් මිල

දැන් සැපද.. ? සෞභාග්‍යයේ දැක්මෙන් වැඩිවුණු තෙල් මිල

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින කාලයේ දී ලංකාව ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කලා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සඳහන් කරයි

ඔහු සඳහන් කරන පරිදි බටහිර ලෝකයේ කෝවිඩ් වසංගතයත්, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව තම තෙල් සංචිතයෙන් කොටසක් වෙළෙඳපලට දැමීමත් සමග මෙසේ ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩුවීමට හේතුවූ බවයි.

එමෙන්ම ඉන්ධන මිල ඉහල දැමිය හැක්කේ විෂ්‍යභාර අමාත්‍යවරයාට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව බවත් මිල වැඩිකිරීමක් ගැන ඉල්ලුම් කලේ මහ බැංකුවේ අධිපතිවරයා වුවත් මිල වැඩිකිරීම සිදුකර ඇත්තේ ඛනිජ තෙල් නීති ගත සංස්ථාව බවයි.

මේ අතර ඔහු පෙන්වා දෙනුයේ බලශක්ති අමාත්‍යංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තෙල් සංස්ථාව ඇතුළු ආයතන වල චෝදනා, ප්‍රතිචෝදනා ‍සහිත මාධ්‍ය සංග්‍රාමයක් මගින් මිල වැඩි වීම යටපත් කරන මාධ්‍ය සංග්‍රාමයක් ද ඉදිරියේ දියත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය ලෙස (බිලියන 600 ක) නව තෙල් පිරිපහදුවක් ගැන ද මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේශණයෙන් රුපියල් බිලියන 47 ක් (ඩොලර්) ණය‍ ගෙවීම් ගැන ද කතා කීව ද තෙල් ඉතුරුකර ගැනීමට ජනතාවට දඩුවමක් ලෙස තෙල් මිල ඉහල දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වරට ය. යැයිද ඔහු විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.